ඇරොබික් ජිම්නාස්ටික් තරගාවලිය ගාල්ල රිපන් බාලිකාවට පදක්කම් 9 ක්
- 2018-05-06 13:42:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දකුණු පළාත් පාසල් ක්‍රීඩා උලෙළේ ඇරොබික්ස් ජිම්නාස්ටික් තරග වැලිගම සිද්ධාර්ථ විද්‍යාලයේ දී පසුගිය දා පැවැත්වුණි. එම තරගාවලියේ දී ලෝකඩ පදක්කම් නවයක් දිනා ගැනීමට ගාල්ල රිපන් බාලිකා විද්‍යාලයේ ක්‍රීඩිකාවෝ හය දෙනෙක් සමත්වූහ.
වයස අවුරැදු 16 න් පහළ බාලිකා ඇරොබික්ස් ලෝකඩ පදක්කම සහ ඇරොබික්ස් ට්‍රියෝ ලෝකඩ පදක්කම දිනූ ඩබ්. මනෝජා පාරමී, ඉමල්කි ලක්ෂිකා, හිරැෂි නවෝද්‍යා, වයස අවුරැදු 16 න් පහළ බාලිකා ඇරොබික්ස් ලෝකඩ පදක්කම දිනූ ගයාත්‍රි කෞශල්‍යා, කේ. ඩී. දිල්මි තත්සරා සහ තරැෂි පංචාලි මෙන්ඩිස් යන එම ක්‍රීඩිකාවන් ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ. එම ක්‍රීඩිකාවෝ නවෝද්‍යා කළුආරච්චි මහත්මිය යටතේ පුහුණුවීම්වල නිරත වෙති.
(රත්ගම ගාමිණී මහදුර)
Reply To:
Name - Reply Comment
0 Comments