ඉහළගම ගැමුණු මහ විදුහලේ ක්‍රීඩා උලෙළ දා
- 2018-03-22 16:32:35
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොබෙයිගනේ අධ්‍යාපන කොට්ඨාසයට අයත් ඉහළගම ගැමුණු මහා විද්‍යාලයේ 2018 වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උලෙළ එම විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී පසුගියදා පැවැත්වුණි.
එම විද්‍යාලයේ විදුහල්පති ජී. කේ. වසන්ත ගාමිණී මහතාගේ මග පෙන්වීම යටතේ විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය මවුපියන්ගේ ද සහයෝගය ලබාගෙන මෙම නිවාසාන්තර ක්‍රීඩා උලෙළ සංවිධානය කර තිබිණි.
ක්‍රීඩා උලෙළ සමස්ත ශූරතාව ලකුණු 418 ක් ලබාගත් මෙත්තා නිවාසයට හිමිවූ අතර අනුශූරතාව ලකුණු 243 ක් ලබාගත් මුදිතා නිවාසයට හිමිවිය.
නිකවැරටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ගාමිණී කොබෙයිගනේ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ යූ. එච්. නිමල් සිරිරත්න යන මහත්වරැන් ඇතුළු අවට පාසල්වල විදුහල්පතිවරැ හා ඉහළගම ගැමුණු මහා විද්‍යාලයේ මවුපියෝ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
(කොබෙයිගනේ නිමල් ප්‍රේමචන්ද්‍ර)
Reply To:
Name - Reply Comment
0 Comments