කටුකුරැන්ද රෝමානු කතෝලික විදුහලට එල්ලේ ද්විත්ව ජයක්
- 2018-10-12 14:41:21
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ පාසල් අතර පැවැත්වෙන &වෙරළ සටන* එල්ලේ තරගය කළුතර කටුකුරැන්ද රේන්ජර්ස් ක්‍රීඩා පිටියේ දී පසුගියදා පැවැත්වුණි.
කළුතර කටුකුරැන්ද රෝමානු කතෝලික විදුහල හා මග්ගොන සාන්ත මරියා යන විදුහල් අතර මෙම තරගය පැවැත්වුණි. මෙවර තරගයේ දී බාලක හා බාලිකා යන ශූරතා දෙකම දිනා ගැනීමට කළුතර කටුකුරැන්ද රෝමානු කතෝලික විදුහල සමත් විය.
බාලක තරගය - දක්ෂතම පන්දු රකින්නා ශානක මධුෂාන් (මග්ගොන සාන්ත මරියා විදුහල) දක්ෂතම ක්‍රීඩකයා නිමේෂ් රෂ්මික (කටුකුරැන්ද රෝමානු කතෝලික විදුහල) දක්ෂතම ප්‍රහාරක
නිමේෂ් ප්‍රියමන්ත (කටුකුරැන්ද රෝමානු කතෝලික විදුහල)
බාලිකා තරගය - දක්ෂතම පන්දු රකින්නිය කේ.ඒ.කවීෂා දුලාංජලී (කටුකුරැන්ද රෝමානු කතෝලික විදුහල) දක්ෂතම ප්‍රහාරිකාව නාලිකා නිමේෂා (කටුකුරැන්ද රෝමානු කතෝලික විදුහල දක්ෂතම ක්‍රීඩිකාව ඉනුෂි ෂෙනොරිතා (මග්ගොන සාන්ත මරියා විද්‍යාලය)
මෙහි තිළිණ ප්‍රදානය කටුකුරැන්ද රෝමානු කතෝලික විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ජාතික අයෝමය පුරැෂයා වූ ප්‍රගීත් රජීව් තිසේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
කටුකුරැන්ද රෝමානු කතෝලික විදුහලේ විදුහල්පති පුබුදු සම්පත් හා මග්ගොන සාන්ත මරියා විදුහල් විදුහල්පති අජන්ත චානක යන මහත්වරැ ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
(සටහන හා ඡායාරෑප - සුනිල් එස්.තන්ත්‍රිආරච්චි)
Reply To:
Name - Reply Comment
0 Comments