කඳානේගෙදර ධර්මපාල විදුහලට සමස්ත ලංකා ද්විත්ව ජයක්
- 2018-01-30 16:07:31
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගිරිඋල්ල අධ්‍යාපන කලාපයට අයත් කඳානේගෙදර ධර්මපාල ද්විතීයික පාසලේ සිසුන් දෙදෙනෙක් සමස්ත ලංකා ටයිකොන්ඩෝ ජයග්‍රහණ 02 ක් දිනාගත්හ.
පසුගියදා රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ දී ටයිකොන්ඩෝ සමස්ත ලංකා තරගාවලිය පැවති අතර, එම තරගයට ධර්මපාල විද්‍යාලයෙන් සහභාගී වූ 63/ 65 බර පන්තිය 15 / 17 වයස් කාණ්ඩය එම්. ඩී. ෂෙහාන් සංදීප ටයිකොන්ඩෝ රන් පදක්කම ලබාගත් අතර, එම විද්‍යාලයේ ඩී. එම්. හසිත සඳරැවන් 45 ට අඩු බර පන්තිය 15/ 17 වයස් කාණ්ඩයේ ලෝකඩ පදක්කම දිනා ගත්තේය.
සමූහ ඡායාරෑපයේ ඉදිරිපස වමේ සිට අශෝක පද්මකුමාර (පාසල් පුහුණුකරැ), ශ්‍යාමලී හෙට්ටිආරච්චි (ක්‍රීඩා ආචාරිනී), ප්‍රදීප් කුලරත්න (විදුහල්පති), එම්. ඒ. එන්. එස්. මල්ලව ආරච්චි (ටයිකොන්ඩෝ පුහුණුකරැ), පසුපෙළ වමේ එම්. ඩී. ෂෙහාන් සංදීප, ඩී. එම්. හසිත සඳරැවන්.
(යක්විල ජයන්ත ඒකනායක)
Reply To:
Name - Reply Comment
0 Comments