ක්‍රීඩාවට උපන් හපන් පොතුපිටිය මහ විදුහලේ තෙවිඳු
- 2018-09-14 14:34:47
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කළුතර, පොතුපිටිය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ඩී.තෙවිඳු සෆ්දිල් ශිෂ්‍යයා අධ්‍යාපන කටයුතුවලට මෙන්ම ක්‍රීඩා ක්ෂේත්‍රයෙහි ද විශිෂ්ට දක්ෂතා පෙන්වන කැපී පෙනෙන මලල ක්‍රීඩකයෙකි.
පසුගිය දිනවල දී කළුතර අධ්‍යාපන කලාප කාර්යාලයේ ක්‍රීඩා ඒකකය සංවිධානය කොට කළුතර සිරිකුරැස විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී පැවැති 2018 කළුතර කලාප අන්තර් පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ දී දක්ෂතම, ළාබාලතම මලල ක්‍රීඩකයා වශයෙන් සම්මානයට පත්වූ ඔහු දුර පැනීමේ ඉසව්වෙන් ප්‍රථම ස්ථානය හිමිකර ගත්තේය.
%දුර පැනීම, උස පැනීම හා මීටර් 100 මගේ හොඳම හා ආසා කරන තරග ඉසව් තුන. මා කවදත් ඒ ඉසව් තුනෙන්ම කලාප ජයග්‍රහණ ලබල තියෙනවා. මා දිගටම ක්‍රීඩා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒත් මට කවුරැහරි ඉදිරිපත් වෙලා හොඳ පුහුණුවක් ලබා දීමට කටයුතු කරනවා නම් මට කවදාහරි ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් රටට ගෞරවයක් කීර්තියක් වුණත් ගෙනත් දෙන්න පුළුවන් වේවි යැයි ඔහු පැවසීය.^
කුඩා අවධියේ සිටම සිය දයාබර මාපියන්ගේ ආශිර්වාදය ලැබ දිවීම, පැනීම ආදී ක්‍රීඩා ඉසව්වල යෙදෙන ඔහු වාද්දුව, පොතුපිටිය මහා විද්‍යාලයේ ඉකුත්දා පැවැති නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවයේ දීද, රාහුල නිවාසයෙන් මලල ක්‍රීඩා ශූරතාව හිමිකරගෙන ඇත.
(එච්.එල්. සුනිල් ශාන්ත කළුතර)
Reply To:
Name - Reply Comment
0 Comments