කෙටිදුර ධාවන ශූර අයේෂ්ට පාසලෙන් උපහාර
- 2019-05-10 10:20:44
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2018 සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ දී වයස 14 න් පහළ මීටර් 100, මීටර් 80 ධාවන තරග ඉසව් දෙකෙන්ම නව ශ්‍රී ලංකා පාසැල් වාර්තාවක් පිහිටුවීමට සමත්ව ගා/හෙන්නාතොට විද්‍යාවර්ධන විද්‍යාලයේ 13 හැවිරිදි එස්.කේ. අයේෂ් මිහිරංග සිසුවාට හරසර උපහාර දැක්වීමේ උලෙළ එම විද්‍යාලයේ දී පසුගියදා පැවැත්වුණි.
ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා වාර්තා පොත අලුත් කරමින් වයස 14 න් පහළ ශූරයා බවට පත්වූ අයේෂ් මිහිරංගේ අති විශිෂ්ට දක්ෂතා නිසාම 14 න් පහළ බාලක ශූරතාව ද විද්‍යාවර්ධන විද්‍යාලයට හිමිවිය.
රිය පෙරහරකින් පාසල වෙත කැඳවාගෙන පැමිණි අයේෂ් මිහිරංග පාසල් දොරටුව අභියස දී විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලය හා සිසු දරැ දැරියෝ මහත් හරසරින් පිළිගත්හ.
වසර 118 ක ඉතිහාසයකට හිමිකම් කියන හෙන්නාතොට විද්‍යාවර්ධන විද්‍යාලයීය ඉතිහාස වංශ කථාවට මලල ක්‍රීඩාවෙන් රනින් සටහනක් තබන්නට මේ පුංචි කඟවේනාට හැකිවීම මහත් ආඩම්බරයක් යැයි විදුහල්පති ආර්.කේ. දිනේෂ් චන්දිම කුමාර මහතා පැවැසීය.
දකුණු පළාත් සභා මන්ත්‍රී සම්මු ආරියවංශ, හික්කඩුව නගරසභාවේ සභාපති විනී කාරියවසම්, නගර සභා මන්ත්‍රීවරැ, උත්සව කමිටු සංවිධායක විතාන කරැණාරත්න, දකුණු පළාත් ක්‍රීඩා සහකාර අධ්‍යක්ෂ ආර්.එම්. ක්‍රිශාන් දුමින්ද, අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ ක්‍රීඩා සහකාර අධ්‍යක්ෂ දිමුතු අබේරත්න, පාසලේ ක්‍රීඩා උපදේශක ඩබ්ලිව්. තිලංකා නිශාන්ත, ක්‍රීඩා ගුරැ උපදේශක සජීව නානායක්කාර මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ගෝනාපීනූවල - දයා සිරිල් ධම්මික / හික්කඩුව විශේෂ - අමරසේන විතානගේ)
Reply To:
Name - Reply Comment
0 Comments