ගලගෙදර කනිෂ්ඨයේ ක්‍රීඩා උලෙළේ ජය පැරකුම් නිවාසයට
- 2018-03-30 11:05:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාදුක්ක අධ්‍යාපන කොට්ඨාසයේ ගලගෙදර කනිෂ්ඨ විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ දී ලකුණු 255 ක් ලබාගත් පැරකුම් නිවාසයට ශූරතාව හිමිවිය.
ලකුණු 245 ක් ලබාගත් ගැමුණු නිවාසයට අනු ශූරතාවය හිමිවිය.
විදුහල්පති රමණි ප්‍රියංකා අමරසිංහ මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය ක්‍රීඩා උත්සවය සංවිධානය කර තිබූ අතර විදුහලේ සිසු දරැ දැරියෝ ඔවුන්ගේ දක්ෂතා එළි දක්වමින් ක්‍රීඩා උත්සවයට සහභාගි වූහ.
විදුහලේ 3,4 හා 5 ශ්‍රේණිවල දරැ දැරියන් සරඹ සංදර්ශනයට ඉදිරිපත් වූ අතර කුඩා දරැවන්ගේ බැලුම් පිපිරවීමේ තරගයක් සහ විකට ඇඳුම් තරගයක් ද ඒ අතර විය.
උත්සවයට පැමිණි ආරාධිත අමුත්තන් විසින් ජය සංකේත පිරිනැමීම සිදු කෙරැණි.
එම අවස්ථාවට පානළුව සිරි නිවාසාරාමාධිපති ගලගෙදර කනිෂ්ඨ විද්‍යාලයේ ආචාර්ය වටරුක පඤ්ඤාරතනහිමි විදුහල්පති රමණි ප්‍රියංකා අමරසිංහ මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය ද ආරාධිත අමුත්තෝ ද, සිසු දරැ දැරියෝ ද සහභාගි වූහ.
(පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments