ජාත්‍යන්තර කරාතේ විවෘත ශූරතාවලිය ජය ලැබූවන්ට පාසලින් උපහාර
- 2016-11-01 11:47:14
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මැලේසියාවේ ක්වාලාලාම්පූර් නගරයේ පැවති හයවැනි ජාත්‍යන්තර කරාතේ විවෘත ශූරතාවලිය 2016 තරගාවලියේදී ශ‍්‍රි ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත්වූ සිසුන් තුන්දෙනා රිදී පදක්කම් හයක් දිනා ගනිමින් මව්බිමට කීර්තියක් අත්කරදී ඇත. මෙම පාසල් සිසුන් තිදෙනා පිලිගැනීමේ හා ඔවුන්ට උපහාර පිදීමේ උත්සවයක් පසුගියදා මැල්ලවගෙදර රෝමාණු කතෝලික ප‍්‍රාථමික විදුහලේදී පැවැත්විණි.
මැල්ලවගෙදර ප‍්‍රාථමික විදුහලේ කේ.ඒ. තිමිර දනුජය (9), එම්. ෂෙහාන් තුසිත සදරුවන් (10 සහ හුණුමුල්ල මහා විදුහලේ ඉගෙනුම ලබන කේ. ගිෂාන් මධුරංග (11) සිසුන් තිදෙනා මෙසේ රිදී පදක්කම් දෙක බැගින් දිනා ගෙන ඇත. මධුරංග සිසුවා මැල්ලවගෙදර ප‍්‍රාථමික විදුහලේ ආදි සිසුවෙකූවේ.
ජයග‍්‍රාහි සිසුන් මැල්ලවගෙදර නගරයේ සිට දරු දැරියන්ගේ නැටුම් ගැයුම් සහිත පෙරහරින් කැදවා ගෙන එනු ලැබූ අතර කරාතේ කී‍්‍රඩාවේ නිරත දරු පිරිසකගේ කරාතේ සංදර්ශණයකින් ද මෙම පෙරහර ඔපවත්විය.
ශි‍්‍ර ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට ඉදිරිපත්වූ සියලූ සිසුන් මෙසේ ජය ගැනීමත් ඔවුන් අඩු වයසේ පසුවෙමින් කලූ පටියෙන් තරග කර ජය ගැනීමත් සුවිශේෂි ජයග‍්‍රහණයක් බව කරාතේ පුහුණුු උපදේශක පී.ජී.කේ.ඞී. පුෂ්පකුමාර මහතා සදහන් කළේය.
මාස නවයක් වැනි කෙටි කාලයකදී ලබාගත් පුහුනුව ඇ.තිව මෙවැනි ජාත්‍යන්තර ජයග‍්‍රහණයක් ලබා ගැනීම විදුහල් ඉතිහාසයේ සනිටුහන් වන කරුණක් වනු ඇති බව විදුහල්පතිනි පී.කේ. සේනාරත්න මහත්මිය පැවසුවාය.
පුෂ්ප කුමාර මල්ලවආරච්චි( ලංකාදීප)
Reply To:
Name - Reply Comment
0 Comments