දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ උස පැනීමේ ශූරියට පාසලෙන් උපහාර
- 2018-08-21 11:11:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේද උස පැන මේ තරගයේ රිදී පදක්කම හිමිකර ගනිමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ ඉෂාරා නෙත්මිණි පල්ලේගම සිසුවිය පිලිගැනීමේ උත්සවයක් එම විද්‍යාලයේදී පසුගියදා පැවැත්විණි.
මෙහිදී ඇගැයීමට ලක්වූ ඉෂාරා දැරිය මෙම වසරේ පැවති ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර්1.76 ක් උස පනිමින් නව වාර්තාවක්ද පිහිටුවා ඇති බව ඇයගේ පාසල් පුහුණුකරැ සුමේධ ජයකොඩි මහතා ප්‍රකාශ කළේය. එසේම ඇය 2017 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ උස පැනීමේ තරගයේ ප්‍රථම ස්ථානයද හිමිකර ගෙන ඇත.
විදුහල්පතිනි නිරෝධා අබේවික්‍රම මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පැවති උත්සවයට ඉෂාරා දැරියගේ මවුපියෝ, විද්‍යාලයේ ආදි සිසු සිසුවියෝ හා වත්මන් සිසු සිසුවියෝ ඇතුළු පිරිසක් සහභාගි වූහ.
(යාපහුව සුනිල් කහගල්ල)
Reply To:
Name - Reply Comment
0 Comments