දැල්පන්දු පුහුණු උපදේශිකාවන්ට තෙදින පුහුණුවක්
- 2018-08-28 17:01:17
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අංශය සංවිධානය කළ පාසල් දැල්පන්දු පුහුණු උපදේශිකාවන් පුහුණු කිරිමේ තෙදින නේවාසික වැඩමුළුවක් පසුගියදා මහනුවරදි පැවැත්වුණි.
ඔස්ට්‍රේලියානු නෙට්බෝල් පුහුණු උපදේශිකා ජිල් මැකිංටොෂ් මහත්මියගේ සහභාගීත්වයෙන් මහනුවර නගරසභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම පුහුණු කඳවුරට දිවයින පුරා විසිර සිටින පාසල් ක්‍රීඩා දැල්පන්දු පුහුණු උපදේශිකාවෝ 40 දෙනෙක් සහභාගි වූහ. අධ්‍යාපන අමාත්‍යාංශයේ නෙට්බෝල් ව්‍යාප්ත නිලධාරිනි ශිරෝමා කුරැප්පු මහත්මිය විසින් සංවිධානය කරන ලද මෙම වැඩමුළුවේ අවස්ථා මෙහි දැක්වේ. මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ දිල්රැක් ජයවර්ධන, මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂ අතුල ජයවර්ධන, ශ්‍රී ලංකා පාසල් නෙට්බෝල් සංගමයේ ලේකම් ගංගා උස්වත්ත යන මහත්ම මහත්මීහුද එක් වූහ.
(මාතලේ විශේෂ මහේෂ් කිර්තිරත්න)
Reply To:
Name - Reply Comment
0 Comments