Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන 14න් පහළ බටහිර ආසියාතික තරුණ චෙස් ශූරතාවලියට සහභාගි වීමට කොළඹ විශාඛා විද්‍යාලයේ නික්ලේෂා තරුෂි දැරියට අවශ්‍ය ගුවන්ටිකට් පත සඳහා රු.40000ක මුදල විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය විසින් පිරිනමා ඇත.

නික්ලේෂා පසුගියදා රුසියාවේදී නිමාවූ 16 වන ලෝක පාසල් චෙස් ශූරතාවලියේදී ලෝකඩ පදක්කම දිනාගැනීමටත් සමත්වූවාය.

ඇයට එම තරගාවලියට එක්වීම සඳහා අවශ්‍ය ගුවන් ටිකට්පතද විදේශ රැකියා අමාත්‍යාංශය විසින් ලබාදී ඇත. නික්ලේෂාගේ පියා දකුණු කොරියාවේ සේවය කරමින් සිටියදී ආබාධිත තත්වයට පත්වී රෝහල් ගතකර සිටී.

නික්ලේෂා ලෝක චෙස් සම්මේලනයේ පිළිගත් මහද්වීපික මට්ටමේ චෙස් තරගාවලියක ඉහළම මට්ටමේ දක්‍ෂතා වලට පිදෙන Women’s grand master තනතුරෙන් පිදුම් ලබා තිබේ. එසේම එම නාමය දරන ලොව දැනට සිටින ළාබාලම කි‍්‍රඩිකාවද ඇය වෙයි. නික්ලේෂා ශ‍්‍රී ලංකා ජාතික චෙස් කණ්ඩායමද නියෝජනය කරන්නීය.

නිරෝෂා ප්‍රියදර්ශනී

unnamed

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.