නුවරඑළිය යහපත් එෙඩ්රාගේ බාලිකා මහ විදුහල් ක්‍රීඩා උලෙළේ ජය - ශාන්ත ගේබ්‍රියල් නිවාසයට
- 2018-03-22 16:06:47
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නුවරඑළිය යහපත් එඩේරාගේ බාලිකා මහ විදුහලේ 2018 නිවාසාන්තර ක්‍රීඩා උත්සවය මධ්‍යම පළාත් ශාරිරික අධ්‍යාපන සහකාර අධ්‍යක්ෂ අතුල ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය නගර සභා ක්‍රීඩාංගණයේ දී පසුගියදා පැවැත්වුණි. මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයෙකු ලෙස විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන 20 වැනි ආසියානු (මාස්ටර් ඇත්ලටික්ස්) තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2017 චීනයේ පැවති ඇවිදීමේ තරගයෙන් රන් පදක්කම හිමිකර ගත් විනීතා පෙරේරා මහත්මිය එක්ව සිටියාය.
උත්සවාකාරයෙන් පැවති නිවාසාන්තර ක්‍රීඩා තරගාවලියේ ලකුණු 192 ක් ලබාගත් සමස්ත ශූරතාව ශාන්ත ගේබ්‍රියල් නිවාසයට හිමිවිය. ලකුණු 162 ක් ලබා දෙවැනි ස්ථානය ශාන්ත මයිකල් නිවාසයට ද, ලකුණු 156 ක් ලබාගත් ශාන්ත යූප්‍රේෂියා නිවාසය තුන්වැනි ස්ථානය ද, ලකුණු 135 ක් ලබාගත් ශාන්ත තෙරේෂා නිවාසයට සිව්වැනි ස්ථානය ද හිමිවිය.
නිවාසාන්තර ක්‍රීඩා තරගය විදුහල්පති ගරැ මේරි නිලංකා ද සිල්වා කන්‍යා සොයුරියගේ මෙහෙයවීම මත සංවිධානය කර තිබිණි. ජය සංකේත ප්‍රදානය ආරාධිතයන් අතින් සිදුකරන ලදී. ජය සංකේත ප්‍රදානයේ දී විදුහලේ කීර්තිමත් සිසුවිය ලෙස පාසලට අභිමානයක් ගෙනදුන් පාසල් නාවික කැඩෙට් සාජන්වරිය ලෙස සම්මාන ලැබූ 2016 වසරේ උසස්පෙළ විෂයන් 3 ටම ඒ සාමාර්ථය ලැබූ හෂන්ති පියුමාලි සිසුවියට උපහාර පුද කිරීම ද මෙදින සිදුවිය.
(නුවරඑළිය - ෂෙල්ටන් හෙට්ටිආරච්චි)
Reply To:
Name - Reply Comment
0 Comments