පාදුක්ක සිරි පියරතන ක්‍රීඩා උලෙළේ ශූරතාව
- 2018-04-06 14:01:03
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හෝමාගම අධ්‍යාපන කලාපයේ පාදුක්ක සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලයේ නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවයේ දී ලකුණු 882 ක් හිමිකර ගත් උපේක්ඛා නිවාසයට ශූරතාවත්, ලකුණු 668 ත් ලබාගත් මුදිතා නිවාසයට අනු ශූරතාවත් හිමිවිය.
මෙත්තා, කරැණා, මුදිතා, උපේක්ඛා යන නිවාසවල සිසු දරැ දැරියන් විසින් ඉදිරිපත් කළ දිවීමේ තරගවලින් ද, සරඹ සංදර්ශනයෙන්, ආචාර පෙළපාළියෙන් ද ක්‍රීඩා උත්සවය වර්ණවත් විය.
ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් සහභාගි වූ අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා) උපාලි අමරතුංග, බස්නාහිර පළාත් (දකුණ) නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ යන මහත්වරැන් සහ අනෙකුත් ආරාධිත අමුත්තන් විසින් ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ජය සංකේත පිරිනැමීම සිදු කෙරැණි.
විදුහල්පති නිහාල් පද්මසිරි මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය විසින් ක්‍රීඩා උත්සවය සංවිධානය කර තිබුණි.
(පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments