පොල්ගොල්ල ආදර්ශයේ අපෙක්ෂාත්,සෙහානිත් ජාතික මහ ක්‍රීඩා උලෙළට වරම් ලබති
- 2018-10-22 15:50:19
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පොල්ගොල්ල ආදර්ශ විදුහලේ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු මධ්‍යම පළාත නියෝජනය කරමින් ඉදිරියේදී පැවැත්වෙන 44 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේ කාන්තා වූෂූ තරගාවලිය සදහා සුදුසුකම් ලබා ඇතැයි විදුහල්පති දේශප්‍රිය රත්නායක මහතා පැවැසීය
හතළිස් හතරවැනි ජාතික මහා ක්‍රීඩා උලෙළ නියෝජනය කිරීම සදහා ක්‍රිඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ මහනුවර පළාත් වූෂූ තරගාවලිය දිගන ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්වුණි.
එහි දී කාන්තා චැංචු ආන් අංශයේ (Changquan Combine Women) ප්‍රථම ස්ථානය පොල්ගොල්ල විදුහලේ එම්. ඒ. වී. අපේක්ෂාද සිල්වා ද තෙවැනි ස්ථානය ජී. ඩබ්ලිව්. ෂෙහානිද සිල්වා ද දිනාගත්හ.
චැංචුආන් පිරිමි අංශයේ තරගයෙන් ශානුක පෙරේරා සිසුවා ද මෙහිදී ඉහළ දක්ෂතා දැක්වීය .
පාසලේ පුහුණුකරැ වන ජාතික සහ ජාත්‍යන්තර වුෂු පුහුණුකරැ හා මධ්‍යම පළාත් වුෂු කුංෆු සංගමයේ සභාපති බී. ඒ. අජන්ත බණ්ඩාර මහතා සහ වුෂු ක්‍රීඩාව භාර ආචාරිනී නයනී ද සිල්වා මහත්මිය තරගය සඳහා මෙම සිසුන් පුහුණූ කළාය.
ජාතික තරගාවලිය සදහා සුදුසුකම් ලැබූ ඒ. වී. අපේක්ෂාද සිල්වා සහ ජී. ඩබ්ලිව්. ෂෙහානිද සිල්වා ජායාරෑපවල වෙති.
(වියලුව වාර්තාකරැ නිශාන්ත කුමාර)
Reply To:
Name - Reply Comment
0 Comments