බදුල්ල සිරිසුමන තයිකොන්ඩෝ කණ්ඩායමට ජයග්‍රහණ රැසක්
- 2019-06-03 16:09:41
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධාන කරන ලද සමස්ත ලංකා අන්තර් පාසල් මලල ක්‍රීඩා තරගාවලියට සමගාමීව පැවැති 2018 සමස්ත ලංකා තයිකොන්ඩෝ තරගාවලියේ සමස්ත බාලක ශූරතාව ඇතුළු ජයග්‍රහණ කීපයක් අත්කර ගැනීමට බදුල්ල සිරිසුමන මහ විද්‍යාලයීය තයිකොන්ඩෝ කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත්වූහ.
මෙම තරගාවලියට ඉදිරිපත්වූ බදුල්ල සිරි සුමන විදුහලේ එස්. එම්. සහන් දිලූක මෙහිදී රන් පදක්කමක් හිමිකර ගත් අතර මොහමඩ් අෂාම් ක්‍රිෂාම් ,ජේ. එම්. සුරනිමල ජයසිංහ, ඩී. එම්. සෙව්මිණී හසාරා යන ක්‍රීඩකයෝ රිදී පදක්කම් හිමිකරගත්හ.
කේ. බී. එම්. නයනකාන්ත, ආර්. එම්. අස්ලාම් , නිමල් දිල්ශාර හා ජේ. එම්. විශ්ව ගිම්හාන් ලෝකඩ පදක්කම බැගින් ලබා ගත්හ.
මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ විශේෂ ඇගයීමට ලක්වූ අවස්ථාව මෙහි දැක්වේ.
මෙම අවස්ථාවට විදුහල්පති පී. එම්. එස්. තෙන්නකෝන්, නියෝජ්‍ය විදුහල්පතිවරැන් වන පී. එම්. එස්. කරැණාසේන , ඩබ්ලිව්. එම්. කේ.විජේසිංහ, පුහුණුකරැ ඩී. එම්. ජනිත් චාමර පුහුණුකරැ පද්ම ශ්‍රී ප්‍රභාත් වීරතුංග ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරිහු, ගුරැ මණ්ඩලයේ සාමාජිකයෝ,මවුපියෝ ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
Reply To:
Name - Reply Comment
0 Comments