බෝපේ රාජසිංහ විදුහලේ නිවාසාන්තර ක්‍රීඩා උලෙළ -ශූරතාව ගජබා නිවාසයට
- 2018-06-08 15:19:47
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බෝපේ රාජසිංහ මහා විද්‍යාලයේ නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවයේ දී ලකුණු 654 ක් හිමිකරගත් ගජබා නිවාසයට ශූරතාව ද, ලකුණු 650 ක් හිමිකර ගත් පැරකුම් නිවාසයට අනුශූරතාව ද හිමිවිය.
ඔවුන්ට හිමි කුසලාන ශ්‍රී ලංකා නාවික හමුදාවේ කොමදෝරැ ඩී. එන්. එස්. සී. කළුබෝවිල, මත්තේගොඩ යුධ හමුදා ඉංජිනේරැ බලකා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ප්‍රදීප් සිරිවර්ධන සහ විදුහල්පති ගාමිණී හෙට්ටිආරච්චි යන මහත්වරැ පිරිනැමීම සිදුකළහ.
තරග ඉසව්වලින් ජයග්‍රහණය ලබාගත් ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ජය සංකේත පිරිනැමීම පාදුක්ක කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා නෙරංජි නදීෂා කුලරත්න මහත්මිය ඇතුළු පැමිණ සිටි අනෙකුත් ආරාධිත අමුත්තෝ සිදුකළහ.
එම අවස්ථාවට හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පාලිත දේශප්‍රිය වීරසූරිය, නාවික හමුදා කොමදෝරැ ඩී. එන්. එස්. සී. කළුබෝවිල මත්තේගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ප්‍රදීප් සිරිවර්ධන, පාදුක්ක කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා නෙරංජි කුලරත්න, විදුහල්පති ගාමිණී හෙට්ටිආරච්චි, සීතාවක ප්‍රාදේශීය සභාවේ ලේකම් චන්දන පද්මසිරි යන මහත්ම මහත්මීහු ද, අවට විදුහල්වල විදුහල්පතිවරැ ද, විදුහලේ ආචාර්ය මණ්ඩලය ද, හිටපු විදුහල්පතිවරැ හා විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය ද ආරාධිත අමුත්තෝ ද, සිසු සිසුවියෝ ද, මවුපියෝ ද ප්‍රදේශයේ ජනතාව ද විශාල පිරිසක් සහභාගී වූහ.
(පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments