මිතුරැ සංග්‍රාම මංගල එක්දින ක්‍රිකට් තරගය - මත්තුමගල කරැණාරත්න බෞද්ධ විද්‍යාලයට ජය
- 2018-09-14 14:32:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මත්තුමගල කරැණාරත්න බෞද්ධ මහා විද්‍යාලය හා ගම්පහ තක්ෂිලා විදුහල අතර පැවති &මිතුරැ සංග්‍රාම* මංගල එක්දින ක්‍රිකට් තරගය කඩුළු 05 කින් ජය ගැනීමට මත්තුමගල කරැණාරත්න බෞද්ධ විදුහල් කණ්ඩායම සමත් විය.
මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගම්පහ තක්ෂිලා විදුහල් ක්‍රීඩකයෝ සියලු දෙනා දැවී ලකුණු 79 ක් ලබා ගත්හ.
හොඳම පිතිකරැ ගම්පහ තක්ෂිලා විදුහලේ හසිත් සංදීප, හොඳම පන්දු යවන්නා මත්තුමගල කරැණාරත්න බෞද්ධ මහා විද්‍යාලයේ අභිෂේක විමුක්තිද, හොඳම පන්දු යවන්නා ලෙස ගම්පහ තක්ෂිලා විදුහලේ පුෂ්පික කෞෂල්‍යද තේරී පත්වූහ. තරගයේ වීරයා වූයේ මත්තුමගල කරැණාරත්න බෞද්ධ මහා විද්‍යාලයේ උමේද මධුෂාන් ක්‍රීඩකයායි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ධම්මික ප්‍රසාද් මහතාගේ සහභාගීත්වයෙන් මත්තුමගල කරැණාරත්න බෞද්ධ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලක්ෂාන් සඳකැළුම් මහතාගේ පූර්ණ අනුග්‍රහය යටතේ මෙම තරගය පැවැත්වුණි.
(වත්තල සරත් චින්තක)
Reply To:
Name - Reply Comment
0 Comments