මුරලි කුසලාන සීමිත ඕවර ක්‍රිකට් තරගාවලිය ජය - සීනිගම ගුණ ජය සතුට ක්‍රිකට් පාසලට
- 2018-03-06 14:52:34
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වයස 15 න් පහළ මුරලි කුසලාන අන්තර් ක්‍රිකට් පුහුණු පාසල් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ ශූරතාව සීනිගම ගුණ ජය සතුට පදනම් ක්‍රිකට් පුහුණු පාසල විසින් දිනාගන්නා ලදී.
තරගාවලියේ අනුශූරතාව කොට්ටාව ධර්මපාල ක්‍රිකට් පුහුණු පාසලට හිමිවිය.
මේ තරගාවලියේ සිදුවූ සුවිශේෂීම දෙය වූයේ කොට්ටාව ධර්මපාල ක්‍රිකට් පුහුණු පාසල සමග සීනිගම ගුණජය සතුට පදනම් ක්‍රිකට් පුහුණු පාසල අතර පැවැති අවසන් මහා තරගයෙන් ගුණජය සතුට පදනම් ක්‍රිකට් පුහුණු පාසලේ නවිදු පැහැසර එක ඕවරයකට (පන්දුවක් සහිත) හයේ පහර හතක් ගැසීමය . එය ශ්‍රී ලංකා වාර්තාවක් ලෙසද සැලකේ.
තරගාවලියේ ජය සංකේත ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරිතම දඟපන්දු යවන්නා වූ මුත්තයියා මුරලිදරන් මහතාගේ ප්‍රධානත්වයෙන් හික්කඩුව ශ්‍රී සුමංගල විදුහල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීය.
(කරන්දෙනිය - එම්. සුසිල් ප්‍රියන්ත)
Reply To:
Name - Reply Comment
0 Comments