Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

 

.ඌරගස්මංහන්දිය බෝගහවෙල පදිංචි දිල්මි හිරැෂිකා කොළඹගේ සිසුවිය ටේබල් ටෙනිස් ක්‍රීඩාවේ සුපිරි තරගකරැවන් අතරට එක්ව සිටින දක්ෂ ක්‍රීඩිකාවකි.අම්බලන්ගොඩ ගා/ ප්‍රජාපතී ගෝතමී බාලිකා මහා විද්‍යාලයේ එකොළොස් වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඇය දෙවැනි ශ්‍රේණියේ පටන් ටේබල් ටෙනිස් ක්‍රීඩාවට යොමුවී ඇත.
ආරම්භයේ සිටම දිල්මි හිරැෂිකා දැඩි කැපවීමෙන් පුහුණුවීම්වල නිරතවීමේ ප්‍රතිඵලයක් ලෙස  2009 වසරේ දහයෙන් පහළ වයස් කාණ්ඩයෙන් සමස්ත ලංකා තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූවාය. 2010 වසරේදී ද එම වයස් කාණ්ඩය යටතේ තරගකර සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනාගත් අතර එම තරගාවලියේදී ඇය මුහුණදුන් තරග හයෙන්ම ප්‍රථම ස්ථානය ලබාගනිමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් තැබුවාය.
2014 වසරේ අවුරැදු 12න් පහළ වයස් කාණ්ඩය යටතේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානයට පත්වූවාය. ඇගේ වාර්තාව මේ  වනතුරැත් කිසිවෙකු බිඳහෙළා නැත.  2017 වසරේ ටෙනිස් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම අනුව  15න් පහළ ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩිකාව බවට දිල්මි හිරැෂිකා පත්වීම ඇය ලැබූ ජයග්‍රහණයකි.
 2017 වසරේ දකුණු ආසියා ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරමින් ශ්‍රී ලංකාවට රිදී පදක්කම ගෙන ඒමට සමත් වූවාය. ඇය එම තරගාවලියේදීම 15න් පහළ කේවල තරගයෙන් ලෝකඩ පදක්කම දිනා ගනිමින් ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙනදුන්නාය. ශ්‍රී ලංකා ටේබල් ටෙනිස් සංගමය නියෝජනය කරමින්  ඕස්ට්‍රියාව, චීනය හා කොරියාව යන රටවල්වල තරග සංචාරයන්ට සහභාගිවී විදේශ අත්දැකීම් ලබා ගැනීමට ද හිරැෂිකාට අවස්ථාව ලැබිණ.
ප්‍රජාපතී ගෝතමී බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිතුමියගෙන් හා ආරම්භක පුහුණුකරැ කෝකිල , පාසල් පුහුණුකරැවන් වන දිනේෂ් සමරවීර, චමින්ද රොෂාන් හා පෞද්ගලික පුහුණුකරැ  නිශාන් පෙරේරා යන මහත්වරැන්ගෙන් හා ඇගේ මවුපියන්ගෙන් ලැබෙන සහය මහත් අගේ කළාය.
(ඌරගස්මංහන්දිය බී.ජී. අමරසිංහ)

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.