වාද්දුව ශාන්ත මේරි මහ විදුහල එල්ලේ ශූරතාව දිනාගනී
- 2018-08-24 16:55:45
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කළුතර කලාප අධ්‍යාපන කාර්යාලයේ ක්‍රීඩා අධ්‍යාපන සහකාර අධ්‍යක්ෂ කාන්තිසිරි මීගමුවගේ මහතාගේ අධීක්ෂණය යටතේ වාද්දුව මධ්‍ය විද්‍යාලයේ ක්‍රීඩා භූමියේ දී පැවැති 2018 කළුතර කලාප අන්තර් පාසල් බාලක එල්ලේ ශූරතා තරගාවලියේ දී වයස අවුරැදු 20 න් පහළ බාලක එල්ලේ සමස්ත ශූරතාව දිනා ගැනීමට මෙවර හැකියාව ලබා ගත්තේ වාද්දුව ශාන්ත මේරි මහා විදුහල් කණ්ඩායමයි.
මෙහි විශේෂත්වය වනුයේ ක්‍රීඩා භූමියක් හෝ ක්‍රීඩා භාර ගුරැවරයෙකුවත් මෙතෙක් ලබා නොමැති එම විදුහල මෙම විශිෂ්ට ජයග්‍රහණය ලබා ගැනීම ක්‍රීඩා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ ප්‍රසාදයට හා අවධානයට ලක්වීම බැව් වාර්තා විය.
ශාන්ත මරියා මහ විදුහල, කළුතර දිස්ත්‍රික්කයේ එල්ලේ ක්‍රීඩා ජයග්‍රහණ පිළිබඳව වසර කිහිපයක සිටම මේ දක්වා උසස් අන්දමින් වාර්තා කර ඇතැයි ද එල්ලේ ක්‍රීඩාව භාරව වාද්දුව ශාන්ත මරියා මහ විදුහලේ කටයුතු කරන නිර්මලා චන්ද්‍රානි හා ඩිලාන් පෙරේරා යන ගුරැ මහත්ම මහත්මීහු &විජය* ට පැවසූහ.
(සටහන හා ඡායාරෑප - වාද්දුව වාර්තාකරැ)
Reply To:
Name - Reply Comment
0 Comments