ශාන්ත පාවුළු බාලිකාවේ ක්‍රීඩා උලෙළේ ප්‍රගති නිවාසය ජය ලබයි
- 2018-04-06 12:29:48
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උත්සවය හැව්ලොක් ක්‍රීඩා භූමියේ දී පසුගියදා පැවැත්වුණි.
මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිසම්පාදන හා ඉදිකිරීම් අතිරේක ලේකම් අනුරාධ තෙන්නකෝන්, ක්‍රීඩා අධ්‍යක්ෂ කර්නල් මංජුල කාරියවසම්, විදුහල්පතිනී සුමේධා ජයවීර යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
ප්‍රගති, කීර්ති, මෛත්‍රී, දීප්ති, භක්ති, ශක්ති යන නිවාස ඔස්සේ සිසු දැරියන් ක්‍රීඩා දක්ෂතා දැක්වූ අතර මෙවර ශූරතාව “ප්‍රගති* නිවාසයට ද අනුශූරතාවය “කීර්ති* නිවාසයට ද හිමිවිය.
පිටියේ දක්ෂතම ක්‍රීඩිකාව වශයෙන් මන්ති හිමාර පෙරේරා ද, ජවන දක්ෂතම ක්‍රීඩිකාව වශයෙන් මිහිඳුම් සංගායනා ද සමස්ත ක්‍රීඩා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව වශයෙන් ගගනි තාරැකි ආලෝකා ද සිල්වා යන සිසුවියෝ පදක්කම් ලදහ.
විද්‍යාලයේ ක්‍රීඩාභාර ආචාර්යවරැ වශයෙන් අනෝමා ගුණවර්ධන, ජයන්තා රානී, ජනිෂා උඩුවන යන ගුරැ මහත්මීහු කටයුතු කරති.
(රැෂිරැ තරංග)
Reply To:
Name - Reply Comment
0 Comments