ශා. සෙබස්තියන් - සවුත්ලන්ඩ්ස් ශූරතා දිනති
- 2017-10-17 12:22:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමය විසින් සංවිධානය කරන ලද වයස අවුරැදු 11න් පහළ සමස්ත ලංකා පාසල් බැඩ්මින්ටන් තරගාවලියේ වසරේ බාලක ශූරතාවය දිනාගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සමත්විය. බාලිකා ශූරතාවය දිනාගැනීමට ගාල්ල සවුත්ලන්ඩ්ස් විදුහල සමත්විය. කාණ්ඩ පහක් යටතේ පැවැත්වුණු මෙම තරගාවලිය කුරැණෑගල නාගරික ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී සහ බෝයගනේ යුදහමුදා ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්විණ. අවසන් තරග කුරැණෑගලදී පැවැත්විණි.
(පුෂ්පකුමාර ජයරත්න)
බාලක තරග ජයග්‍රහණ
ඒ කාණ්ඩය ශූරතාවය - මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල
අනුශූරතාවය - ගාල්ල රිච්මන්ඞ් විදුහල
බී කාණ්ඩය
ශූරතාවය - ගොතටුව එෂියන් ග්‍රැමර් විදුහල
අනුශූරතාවය - අම්බලන්ගොඩ පී.ද.එස්. කුලරත්න විදුහල
සී කාණ්ඩය
ශූරතාවය - ගාල්ල මහින්ද විදුහල
අනුශූරතාවය - ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විදුහල
ඩී කාණ්ඩය
ශූරතාවය - කුරුණෑගල රෝයල් ජාත්‍යන්තර විදුහල
අනුශූරතාවය - මහනුවර ශ්‍රී චන්ද්‍රානන්ද බෞද්ධ විදුහල
ඊ කාණ්ඩය
ශූරතාවය - ගාල්ල සියලු ශාන්තවරයින්ගේ විදුහල
අනුශූරතාවය - මතුගම සී. අධිකාරම් විදුහල
බාලිකා තරග ජයග්‍රහණ
ඒ කාණ්ඩය
ශූරතාවය - ගාල්ල සවුත්ලන්ඞ් විදුහල
අනුශූරතාවය - නුගේගොඩ අනුලා විදුහල
බී කාණ්ඩය
ශූරතාවය - ගම්පහ සුමේද බාලිකා විදුහල
අනුශූරතාවය - නාවල ජනාධිපති බාලිකා විදුහල
සී කාණ්ඩය
ශූරතාවය - බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විදුහල
අනුශූරතාවය - පානදුර ශ්‍රී සුමංගල බාලිකා විදුහල
ඩී කාණ්ඩය
ශූරතාවය - කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විදුහල
අනුශූරතාවය - ගොතටුව ඒෂියන් ග්‍රැමර් විදුහල
ඊ කාණ්ඩය
ශූරතාවය - පානදුර ලයිසියම් ජාත්‍යන්තර විදුහල
අනුශූරතාවය - පුවක්අරඹ මෙතෝදිස්ත උසස් විදුහල
Reply To:
Name - Reply Comment
0 Comments