හාලිඇළ ජාතික පාසල් නිවාසාන්තර ක්‍රීඩා තරගය -සමස්ත ශූරතාව විජය නිවාසයට
- 2018-05-13 10:42:03
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බ/හාලිඇළ ජාතික පාසලේ මෙම 2018 නිවාසාන්තර ක්‍රීඩා උලෙළ හාලිඇලමහජන ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්වුණි. එම ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට ලකුණු 404 ක් ලබාගත් විජය නිවාසය සමත් විය.
තරගාවලියේ සමස්ත ලකුණු 334 ක් ලබාගත් ගැමුණු නිවාසය අනුශූරතාව හිමිකරගත් අතර මුළු ලකුණු 330 ක් ලබාගත් තිස්ස නිවාසයට තුන්වැනි ස්ථානය හිමිවිය.
ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, ඌව පළාත් සභා මන්ත්‍රී ජයන්ත කන්නන්ගර යන මහත්වරැන්ගේ ප්‍රධානත්වයෙන් මෙම තරගාවලියේ සමාප්ති උලෙළ පැවැති අතර ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්.එම්.පී.රත්නායක, නියෝජ්‍ය පළාත් අධ්‍යක්ෂ ඩී.එම්.පී.කේ.දිසානායක, බදුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සරත් රණසිංහ, හාලිඇළ ප්‍රාදේශීය ලේකම් එන්.සී.හෙන්නායක යන මහත්ම මහත්මීහුද එම අවස්ථාවට සහභාගි වූහ.
හාලිඇළ ජාතික පාසලේ විදුහල්පති අසේල තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලයේ මෙහෙයවීමෙන් මෙම නිවාසාන්තර ක්‍රීඩා උලෙළ සංවිධානය කොට තිබිණි.
( සටහන හා සේයාරෑ: හාලිඇල- විජේරත්න රත්නායක)
Reply To:
Name - Reply Comment
0 Comments