හෙට්ටිමුල්ල නව මහා විද්‍යාලයේ ක්‍රීඩා උත්සවය දා... විජය නිවාසය ශූරතාව දිනයි
- 2018-05-29 11:29:47
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කෑගල්ල හෙට්ටිමුල්ල නව මහා විද්‍යාලයේ මෙම වසරේ ක්‍රීඩා උත්සවය හෙට්ටිමුල්ල මහජන ක්‍රීඩාංගණයේ දී පසුගියදා පැවැත්වුණි. ජවන හා පිටිය මලල ක්‍රීඩා මෙහිදී පැවැති අතර විජය නිවාසයට ශූරතාවත්, ගැමුණු නිවාසයට අනුශූරතාවත්, තිස්ස නිවාසයට තෙවැනි ස්ථානයත් හිමිවිය.
අලංකාර තූර්යවාදක කණ්ඩායමකින් හා සරඹ සංදර්ශනයකින් නිමාවට පත්වුණු මෙම ක්‍රීඩා උත්සවයට හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මහේෂ් ගුණතිලක, සබරගමුව පාසල් ක්‍රීඩා අධ්‍යක්‍ෂක උපසාර අලහකෝන්. නැගෙනහිර පළාත් පාසල් ක්‍රීඩා අධ්‍යක්‍ෂක ඉන්ද්‍රජිත් ධර්මතිලක, බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා අධ්‍යක්‍ෂක ඉරෝෂ් තරංග රත්නායක, කෑගල්ල කලාප කාර්යාලයේ පරිපාලන අධ්‍යක්‍ෂ කරැණා රැවන්. කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂිකා රාජිකා සිරිවර්ධන, තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති එන්.ඩි.ඒ.ආර්.හේමන්ත ඇතුළු අවට පාසල්වල විදුහල්පතිවරැ රුසක් උත්සවයට සහභාගි වූහ. විද්‍යාලයේ විදුහල්පති පණ්ඩුක බණ්ඩාර, ක්‍රීඩා භාර ආචාර්යවරැ වන එම්.එම්.මද්දුම බණ්ඩාර, ඩබ්.කේ.සඳමාලි මෙම ක්‍රීඩා උත්සවය සංවිධානය කළහ.
(දමුණුපොළ - චමින්ද ජයලත්)
Reply To:
Name - Reply Comment
0 Comments