අභ්‍යවකාශ නැවතුම්පොළේ සිට ආ ශුක්ලා
- 2025-07-16 14:20:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉන්දීය ගගන පර්යේෂණ ආයතනය, ඇමෙරිකාවේ නාසා ආයතනය සමඟ හවුලේ, ඉන්දීය ගගනගාමියකු අභ්‍යවකාශ නැවතුම්පොළට යවා ආපසු ගෙන්වා ගත්තේය. මේ ගගනගාමියා ෂුභාන්ෂු ශුක්ලා ය.
මොහු ඉන්දීය ගුවන් හමුදාවේ කපිතාන්වරයකු ද වෙයි. ඉදිරියේ දී ඉන්දීය ගගන පර්යේෂණ ආයතනය, ගගන්යාන් යන නමින් තනිවම අභ්‍යවකාශ මෙහෙයුමක් ආරම්භ කිරීමට නියමිත අතර, ඊට සම්බන්ධ ගගනගාමීන් සිවු දෙනාගෙන් එක් කෙනකු වනු ඇත්තේ ද ෂුභාන්ෂු ශුක්ලා ය.
පළමු වැනියා රාකේෂ් ෂර්මා
ඉන්දීය ගගන පර්යේෂණ ආයතනය ISRO, අභ්‍යවකාශයට යැවූ පළමු ඉන්දීය ගගනගාමියා ෂුභාන්ෂු ශුක්ලා වුවත්, පළමුවෙන්ම අභ්‍යවකාශයට ගිය ඉන්දියානු ගගනගාමියා ශුක්ලා නොවෙයි. පළමුවෙන් අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණි ගගනගාමියා රාකේෂ් ෂර්මා ය. ඒ, 1984 වසරේදීය.
ෂුභාන්ෂු ශුක්ලා අභ්‍යවකාශ නැවතුම්පොළට ගොස් ආපසු පැමිණියේ ඇක්සියොම් මිෂන් 4 Axiom Mission 4 මෙහෙයුම යටතේය.
ඇක්සියොම් මිෂන් 4 මෙහෙයුමට එක්වුණු ෂුභාන්ෂු ශුක්ලා ඇතුළු ගගනගාමීන් සිවුදෙනවා දින 18 ක් අභ්‍යවකාශ නැවැතුම්පොළේ ගත කළේ විවිධ පර්යේෂණ කරමිණි. ෂුභාන්ෂු ශුක්ලා සහ සෙසු පිරිස ආපසු පෘථිවිය බලා පැමිණියේ පසුගිය ජූලි 14 වැනිදාය.
ලුසිත ජයමාන්න
NDTV ඇසුරිනි
Reply To:
Name - Reply Comment
0 Comments