Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

webViduranga-Waisundaraතෝරාගත් ශාක කීපයක දියවැඩියාව පාලනය කළ හැකි ශාකමය රසායනික සංයෝග සෙවීමේ පර්යේෂණයක් මහනුවර, හන්තාන ජාතික මූලික අධ්‍යයන ආයතනයේ සිදුකෙරෙමින් පවතී.

ආචාර්ය විදුරංගා වයිසුන්දර මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් මෙම පර්යේෂණය සිදුකෙරන අතර ශාක නිෂ්පාදනවල පෝෂණ ගුණය සහ දියවැඩියා තත්ත්වය පාලනය කිරීමට ඇති හැකියාව මෙමඟින් නිර්ණය කෙරේ. මේ සඳහා මූල්‍ය දායකත්වය සපයන්නේ ජාතික පර්යේෂණ සභාව මගිනි.

‘ශාක නිෂ්පාදනවල දියැවැඩියාව පාලනය කිරිම සඳහා හැකියාවක් ඇත්දැයි සොයා බැලීම සඳහා විවිධ විද්‍යාත්මක ක‍්‍රම උපයෝගී කරගෙන තියෙනවා. එහෙත් වඩාත්ම ඵලදායී ක‍්‍රමය වනුයේ ශාක නිෂ්පාදනවල ප‍්‍රති ඔක්සිකාරක ගුණය නිර්ණය කිරීමත් කබෝහයිඩ්‍රේට් බිඳ දැමීමේ එන්සයිම අක‍්‍රීය කිරීමේ හැකියාව විශ්ලේෂණය කිරීමයි. ඇමයිලේස් එන්සයිමය හා ග්ලූකොසිඬේස්, කාබෝහයිඩ්‍රේට් බිඳ දැමීමට හැකි එන්සයිමයි. මෑතකදී කරනලද පර්යේෂණ දත්ත මගින් තහවුරු වූයේ සමහර ශාක රසායනික ද්‍රව්‍යවලට මෙම එන්සයිම නිශේධනය කිරීමේ හැකියාව ඇති බවයි. එම ශාක රසායනික ද්‍රව්‍ය මගින් රුධිර සංසරණ පද්ධතියට ග්ලූකෝස් නිදහස් කිරීමේ හැකියාව අවම කිරීමේ හැකියාවත් තියෙනවා’

‘දියවැඩියා රෝගය හේතුවෙන් ඇසේ සුද, වකුගඩු රෝගී තත්ත්ව ඇතිවන අතර ඊට මුක්ත ඛණ්ඩක හේතුවන බව සොයාගෙන තියෙනවා. මෙම මුක්ත ඛණ්ඩක ශරීරයේ ස්වාභාවිකව ජනිත වෙනවා. මේවා අක‍්‍රීය කිරීමේ හැකියාව ප‍්‍රතිඔක්සිකාරක ගුණය සහිත සංයෝගවලට තියෙනවා. ඒ අතරින් ෆීනෝලික් සංයෝගය ඉතා වැදගත් වන අතර මෙම පර්යේෂණයෙන් ශාකවල පවතින ෆීනෝලික් සංයෝග හඳුනාගැනීමද අප සිදුකරනවා. මේ සඳහා පශ්චාත් උපාධි අපේක්‍ෂිකාව ලෙස ශාමිනී ගුණවර්ධන මට සහාය ලබාදෙනවා’

‘මෙහිදී සිදුකරන පර්යේෂණවලට ඉතා ඉහල සංවේදීතාවයෙන් යුත් මිණුම් හා ක‍්‍රමවේද යොදාගන්නවා. එක්වරකට සාම්පල 96 ක් විශ්ලේෂණය කිරීමේ හැකියාව මෙම පර්යේෂණ උපකරණවලට තියෙනවා. පැය 2 ක් වැනි කෙටි කාලයකදී මෙහි දත්ත ලබාගැනීමට හැකිවෙනවා. මෙහි අවසන් ප‍්‍රතිඵලය වන විට දියවැඩියා රෝගය පාලනය කිරීම සඳහා සුදුසු ශාක සාර ඖෂධ, ශාකමය ආහාර මෙන්ම ශාකමය නිෂ්පාදන බිහිකිරීමටත් හැකිවේවි‘ යැයි වයිසුන්දර මහත්මිය පැවැසුවාය.

(ගයාන් සූරියආරච්චි-ලංකාදීප)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.