බ්‍රහස්පති සඳු ජලය විදී
- 2016-09-29 09:59:35
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බ්‍රහස්පති ග්‍රහයාගේ චන්ද්‍රයෙකු වන යුරෝපා වෙතින් අභ්‍යාවකාශයට වේගවත් ජල ප්‍රහාර විදින බව තහවුරු කිරීමට අවශ්‍ය ජායාරූප හබල් දුරේක්ෂය එවා ඇති බව නාසා ආයතනය පවසයි. මෙම සංසිද්ධිය හබල් දුරේක්ෂයෙන් 2013දී ලැබුණු ජායාරූප මගින් අධ්‍යයනය කැර තිබුනත් අලුතින් එවා ඇති දර්ශන වලින් එය වඩාත් තහවුරු වී ඇත.
‘යුරෝපා‘ මතුපිට ඇති අයිස් පෘෂ්ඨයට යටින් ගලා යන ජලය සහිත මුහුදු තිබෙන බවත් එහි ක්ෂුද්‍රජීවීන් සිටීමට බොහෝදුරට ඉඩ ඇති බවත් විද්‍යාඥයෝ අනුමාන කරති. ඔවුන් පවසන්නේ ඉහලට විදින ජල පහර මගින් මෙය වඩාත් හොඳින් අධ්‍යයනය කිරීමට අවකාශ ලැබෙන බවයි.
මෙම ජල සාම්පලයක් යම්කිසි ක්‍රමයකින් ලබා ගැනීමට හැකිවුවහොත් ජෛව විද්‍යාත්මක විශ්ලේෂණයක් මගින් සවිස්තරාත්මක දත්ත ලබාගැනීමට හැකිවනු ඇත. හබල් දුරේක්ෂයට මෙම ජායාරූප ලබාගැනීමට හැකිවී ඇත්තේ බ්‍රහස්පතිට ඉතා ලඟින් ගමන් කරන අවස්ථාවකදීය.
Reply To:
Name - Reply Comment
0 Comments