සචින් ශමල්ක තමන්ගේම වාර්තා තුන අලුත් කරයි
- 2024-08-29 09:27:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දකුණු පළාත් පාසල් ක්‍රීඩා( 2024 ) තරගාවලියේදී 14 න් පහළ දුර පැනීම, මීටර් 60 සහ මීටර් 100 දිවීම සඳහා තරග කළ බෙන්තොට ගෝනගල මහා විද්‍යාලයේ ඩී.ඒ.සචින් ශමල්ක 2023 වසරේ ඔහු විසින්ම එම ඉසව් වලින් තබා තිබූ වාර්තා තුනම බිඳ දමා නව වාර්තා තුනක් තබමින් එම ඉසව් තුනේම ප්‍රථම ස්ථාන හිමි කර ගත්තේය.
මෙම තරග ඊයේ (28දා) මාතරඋයන්වත්ත ක්‍ර්‍රීඩාංගනයේදී පැවැත්විණි. ඒ අනුව ශමල්ක විසින් 2023 වසරේ දකුණු පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේදී දුර පැනීමෙන් මීටර් 5.74 ක් ලෙස තැබූ වාර්තාව මෙවර මීටර් 6.16 ක් ලෙසද මීටර් 60 දිවීම මිනිත්තු 7.7 ලෙස තිබූ වාර්තාව මිනිත්තු 7.0 ලෙසද ,මීටර් 100 දිවීම මිනිත්තු 12.1 ලෙස තිබූ වාර්තාව මිනිත්තු 12.0 ලෙසද නව වාර්තා තබමින් මෙම සුවිශේෂි ජයග්‍රහණය වාර්තා කර තිබේ.
පසුගියදා අවසන්වූ ඇල්පිටිය අධ්‍යාපන කලාපීය ක්‍රීඩා තරගාවලියේදී මෙම ඉසව් තුනේම ජයග්‍රහණය හිමිකරගෙන 14 න් පහළ දක්ෂතම ක්‍රීඩකයා බවටද පත්වූයේ සචින් ශමල්කයි.
Reply To:
Name - Reply Comment
0 Comments