Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය සංවිධානය කරනු ලබන සමස්ත ලංකා පාසල් බාලක, බාලිකා වයස් කාණ්ඩ කණ්ඩායම් චෙස් තරගාවලියේදී ඉහළම වයස් කාණ්ඩය වන වයස 17න් පහල බාලක ශූරතාව මහනුවර ධර්මරාජ විද්‍යාලය විසින් ද එම වයස් කාණ්ඩයේ බාලිකා ශූරතාව කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය විසින්ද දිනා ගන්නා ලදි.

තරගාවලිය ජනවාරි මස 26,27,28 තෙදින කුරුණෑගල පාසල් හතරකදී පැවැත්වුනු අතර එය වයස 9න් පහළ,11න් පහළ,13න් පහළ,15න් පහළ හා 17න් පහළ බාලක ,බාලිකා කණ්ඩායම් ලෙස පැවැත්විණ.

මේ තරගාවලියේදී විශේෂ සිදුවීම් දෙකක් දක්නට ලැබිණ. වයස 9න් බාලක,බාලිකා කණ්ඩායම් දෙකේම ශූරතාවන් දිනා ගෙන එම වයස් කාණ්ඩයේම සිය අණසක පැතිරවීමට ගම්පහ සුමේධ විදුහල් චෙස් ක්‍රීඩක,ක්‍රීඩිකාවන් සමත්වීම ඉන් එකකි.

කොළඹ රාජකීය විද්‍යාලයීය චෙස් ක්‍රීඩකයන් වයස 13න් පහළ හා වයස 15න් පහළ බාලක කණ්ඩායම් දෙකේම ශූරතාවන් දිනා ගනිත්දී එම වයස් කාණ්ඩ දෙකේම බාලිකා කණ්ඩායම් ශූරතා ද්විත්වයම මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ චෙස් ක්‍රීඩිකාවන් දිනා ගැනීම අනෙකය.

වයස 11න් පහළ බාලක කණ්ඩායම් ශූරතාව මාතර රාහුල විද්‍යාලය විසින් ද එම වයස් කාණ්ඩයේ බාලිකා කණ්ඩායම් ශූරතාව කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය විසින් දිනා ගන්නා ලදි.

සමස්ත ලංකා පාසල්  බාලක,බාලිකා වයස් කාණ්ඩ චෙස් චෙස් තරගාවලියේ අවසන් ප්‍රතිඵල මෙසේය.

වයස 9න් පහළ බාලක කණ්ඩායම් තරගය:-

  1. සුමේධ විද්‍යාලය-ගම්පහ
  2. මලියදේව විද්‍යාලය-කුරුණෑගල
  3. රාහුල විද්‍යාලය-මාතර

වයස 11න් පහළ බාලක කණ්ඩායම් තරගය:-

  1. රාහුල විද්‍යාලය-මාතර
  2. රිච්මන්ඩ් විද්‍යාලය-ගාල්ල
  3. මලියදේව විද්‍යාලය-කුරුණෑගල

වයස 13න් පහළ බාලක කණ්ඩායම් තරගය:-

  1. රාජකීය විද්‍යාලය-කොළඹ
  2. ලයිසියම් ජාත්‍යන්තර පාසල-නුගේගොඩ
  3. රිච්මන්ඩ් විද්‍යාලය-ගාල්ල

වයස 15න් පහළ බාලක කණ්ඩායම් තරගය:-

  1. රාජකීය විද්‍යාලය-කොළඹ
  2. රාහුල විද්‍යාලය-මාතර
  3. ආනන්ද විද්‍යාලය-කොළඹ

වයස 17න් පහළ බාලක කණ්ඩායම් තරගය:-

  1. ධර්මරාජ විද්‍යාලය-මහනුවර
  2. රාහුල විද්‍යාලය-මාතර
  3. හින්දු විද්‍යාලය-යාපනය

වයස 9න් පහළ බාලිකා කණ්ඩායම් තරගය:-

  1. සුමේධ විද්‍යාලය-ගම්පහ
  2. හොලි ෆැමිලි බාලිකා විද්‍යාලය-වෙන්නප්පුව
  3. සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය-කොළඹ

වයස 11න් පහළ බාලිකා කණ්ඩායම් තරගය:-

  1. සිරිමාවො බණ්ඩාරනායක විද්‍යාලය-කොළඹ
  2. සංඝමිත්තා බාලිකා විද්‍යාලය-කොළඹ
  3. මහාමායා බාලිකා විද්‍යාලය-මහනුවර

වයස 13න් පහළ බාලිකා කණ්ඩායම් තරගය:-

  1. සුජාතා බාලිකා විද්‍යාලය-මාතර
  2. ධර්මාශොක විද්‍යාලය-අම්බලන්ගොඩ
  3. විශාකා විද්‍යාලය-කොළඹ

වයස 15න් පහළ බාලිකා කණ්ඩායම් තරගය:-

  1. සුජාතා බාලිකා විද්‍යාලය-මාතර
  2. විශාකා විද්‍යාලය-කොළඹ
  3. විහාරමහාදේවී බාලිකා විද්‍යාලය-කිරිබත්ගොඩ

වයස 17න් පහළ බාලිකා කණ්ඩායම් තරගය:-

1.මලියදේව බාලිකා විද්‍යාලය-කුරුණෑගල

2.ෆර්ගිසන් බාලිකා විද්‍යාලය-රත්නපුර

3.දේවි බාලිකා විද්‍යාලය-කොළඹ

සුසිල් ප්‍රියන්ත

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.