අකිලගේ පන්දු යැවීම සැක සහිත වෙයි
- 2018-11-12 14:45:33
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා නවක දඟපන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වෙත පැමිණිලි කර ඇත.
ශ්‍රී ලංකාව හා සංචාරක එංගලන්ත කණ්ඩායම අතර ගාල්ලේදී පැවති පළමු ටෙස්ට් තරගයේදී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට එම තරගයේ විනිසුරුවන් ලෙස කටයුතු කළ නවසීලන්ත ජාතික ක්‍රිස් ගැෆානේ හා දකුණු අප්‍රිකානු ජාතික මරායස් එරස්මස් මෙලෙස පැමිණිලි කර ඇත.
ඒ අනුව දින 14ක් ඇතුළත අකිල සිය පන්දු යැවීමේ ඉරියව් පරීක්‍ෂණයකට පෙනී සිටිය යුතුය. කෙසේ නමුත් එංගලන්තයට එරෙහිව එළඹෙන 14 වැනිදා පල්ලෙකැලේදී ආරම්භ වන දෙවැනි තරගයේදී ඔහු ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වුවහොත් අකිලට ක්‍රීඩාකිරීමට බාධාවක් නොමැත. ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගයේදී අකිලට බිඳහෙළීමට හැකිවූයේ කඩුලු 02ක් පමණි.
25 හැවිදිරි අකිල ධනජජය ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 04කට (ඉනිම් 08) ක්‍රීඩාකර කඩුලු 19ක්ද, එක්දින තරග 30කට (ඉනිම් 28) ක්‍රීඩාකර කඩුලු 46ක්ද, විස්සයි20 තරග 16කට (ඉනිම් 16) ක්‍රීඩාකර කඩුලු 14ක්ද බිඳහෙළා ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments