අකිලගේ පන්දු යැවීම ඉරියව්ව නීති විරෝධී වෙයි
- 2018-12-11 09:39:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සිය පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට ජාත්‍යන්තර පිටියේ පන්දු යැවීම තාවකාලිකව තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබේ.
අකිල සිය පන්දු යැවිමේ ඉරියව්ව පිළිබඳව ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවරදී මුහුණ දුන් පරීක්ෂණවලදී ඔහුගේ ඉරියව්ව නීති විරෝධී බවට තීරණය වීම හේතුවෙන අකිලට මෙම තාවකාලික තහනම වැටී තිබේ.
නිමා වූ ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් තරගාවලියේ ගාල්ලේ පැවැති පළමු තරගයෙදී අකිලගෙ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට විනිසුරන් තීරණය කරන ලදී.
කෙසේ වෙතත් අකිලට සිය පන්දු යැවිමේ ඉරියව්ව නිවැරදි ආකාරයට සකස් කරමින් නැවතත් ජාත්‍යන්තර පරීක්ෂණයට මුහුණ දී එය සමත්වීමෙන් පන්දු යැවිමට අවස්ථාව හිමිවනු ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments