අද සිම්බාබ්වේ අවසන් මහ තරගයට
- 2016-11-27 09:48:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ හා කොදෙව් කණ්ඩායම් අතර සිම්බාබ්වේ හි පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනිමට සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ (25 දා) සමත්විය. ඒ කෙදෙව් කණ්ඩායම හා පැවැති තිරණාත්මක තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 5ක ජයක් ලබමිනි.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් අද (27දා) ඔවුන් අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් සිබ්බාව්බේ කණ්ඩායම ලකුණු 218ට සීමා කිරීමට කොදෙව් කණ්ඩායම සමත්විය.
ලකුණු 219ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නිමා කරන විට පන්දුවාර 27.3කදී කඩුලු පහට ලකුණු 124ක් රැස්කරගෙන සිටියේය. තරගය ජයගැනිමට නම් ඒ වන විට ඔවුන් රැස්කරගෙන සිටි යුතු ලකුණු සංඛ්‍යාව 130ක් විය.(අද)
Reply To:
Name - Reply Comment
0 Comments