Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

‍ජාතික ක්‍රීඩා සංවර්ධන වැඩසටහන  "අධිෂ්ඨාන" - ක්‍රීඩා කෞශල්‍යයන් සඳහා ප්‍රවේශය සහතික කිරීමේ ව්‍යාපෘතියකි. පාසල් දරුවන්ගේ ක්‍රීඩා කුසලතා හඳුනාගැනීමේ “අධිෂ්ඨාන” ව්‍යාපෘතිය යටතේ, දරුවන් තෝරා ගැනීම පිළිබඳව කලාප මට්ටමින් ගුරු මහත්ම මහත්මීන් දැනුවත් කිරීමේ වැඩසටහන අධ්‍යාපන අමාත්‍ය, අකිල විරාජ් කාරියවසම් හා ක්‍රීඩා අමාත්‍ය, නීතීඥ දයාසිරි ජයසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹිණ.

යෞවුන් පරම්පරාවට ක්‍රීඩා ලෝකය ජය ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයත්, අධ්‍යාපන අමාත්‍යාංශයත්, පළාත් සභාත් එක්ව දිවයින පුරා  මෙම  ජාතික ක්‍රීඩා සංවර්ධන වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ. බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍ය, රංජිත් සෝමවංශ, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය, වී. රාධාක්‍රිෂ්ණන් සහ  නියෝජ්‍ය අමාත්‍ය, එච්.එම්.එම්.හරිස් යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩ සටහන පැවැත්වේ. මීට සමගාමීව බස්නාහිර පළාතේ කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර සහ කැළණිය යන අධ්‍යාපන කලාපවල ගුරුවරුන් 300කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ප්‍රායෝගින පුහුණු සැසිය ටොරිංටන්හි කෘත්‍රීම හොකී ක්‍රීඩාංගනයේදී ද ජාතික ක්‍රීඩා සංවර්ධන වැඩසටහන පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ක්‍රීඩා අමාත්‍යාංශ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතය.(රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තුව)

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.