අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා ශූරතාව දෙවැනි වරටත් ජ’පුරට
- 2019-09-09 12:57:34
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් දිනා ගන්නා ලදී. ඒ සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල 14ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 7000ක් පමණ සහභාගි වූහ. මෙම ක්‍රීඩා උළෙලේ සත්කාරය දැරුවේ රුහුණ විශ්වවිද්‍යාලය විසිනි. ජපුර විශ්ව විද්‍යාලය මෙම ශූරතාව පිටපිට දිනාගත් දෙවැනි අවස්ථාව මෙයයි.
දින 12ක් පුරා පැවැති මෙම ක්‍රීඩා උළෙල රුහුණ විශ්වවිද්‍යාලයේදී හා කොටවිල ක්‍රීඩා සංකීර්ණය, ගාල්ල, දික්වැල්ල, උයන්වත්ත යන ක්‍රීඩාංගණ කීපයකදී පැවත්විණි. සමාප්ති උළෙලේ ප්‍රධාන ආරාධිතයා වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායකයකු වන එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ වත්මන් සභාපති කුමාර් සංගක්කාර මහතාය.
මෙම අවස්ථාවට රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති සුජීව අමරසේන, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා සංගමයේ සභාපති මහාචාර්ය තිලක් ගමගේ, එම ලේකම් රුහුණ විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂ පාලිත වීරසිංහ, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් හා අධ්‍යක්ෂවරුන්ගේ කමිටුවේ සභාපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, 13 වැනි ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ සංවිධාන කමිටුවේ සභාපති රුහුණ විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ඊ.පී. සමන් චන්දන යන මහත්වරු ඇතුළු පිරිසක් විශේෂ ආරාධිත අමුත්තෝ ලෙස සහභාගි වූහ.
ප්‍රධාන ආරාධිත අමුත්තා වූ කුමාර් සංගක්කාර මහතා උත්සව සභාව අමතමින් පැවසුවේ අධ්‍යාපනය හැදෑරීමේදී ඉගෙන ගත නොහැකි බොහෝ දේ ක්‍රීඩාව තුළින් ඉගෙන ගත හැකි බවත් පූර්ණ මිනිසෙක් වීමට නම් ක්‍රීඩාව අනිවාර්යයෙන්ම හැදෑරිය යුතු බවත්ය.
මීළඟට යෙදෙන 14 වැනි ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙල 2022 දී නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතය.
විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ අවසන් ප්‍රතිඵලයට අනුව පස්වැනි ස්ථානය දක්වා පැමිණි විශ්වවිද්‍යාල.
1. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය (ලකුණු 353) 2. කොළඹ විශ්වවිද්‍යාලය (316.5) 3. මොරටුව විශ්වවිද්‍යාලය (288.5) 4. කැලණිය විශ්වවිද්‍යාලය (280) 5. පේරාදෙණිය විශ්වවිද්‍යාලය (257)
(බෙලිහුල්ඔය - ප්‍රින්ස් රත්නායක - ලංකාදීප ඇසුරිනි)
Reply To:
Name - Reply Comment
0 Comments