Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

උතුරට නෑගම් අර්ජුන රණතුංග ක්‍රිකට් කුසලානයේ සම ශූරතාව කොළඹ ආනන්ද විද්‍යාලය සහ යාපනය හින්දු විද්‍යාලීය ආදි ශිෂ්‍ය කණ්ඩායම් විසින් හිමි කර ගැනිණ.

තරගය 14 දා පැවැත් වුණේ  යාපනය ශාන්ත තොමස් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදීය.උතුරට නෑගම්, උතුරු දකුණු සාමය ඉල්කක කර පැවැත්වෙන සමාජ සත්කාරක වැඩසටහනි.

එය සංවිධානය කරන්නේ කොළඹ ආනන්ද විද්‍යාලයේ සහ යාපනය හින්දු විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින් විසින් වේ.

2012 වසරේ සිට ඇරඹි මෙම උතුරට නෑගම් වැඩසටහන කොළඹ ආනන්ද විද්‍යාලය සහ යාපනය හින්දු විද්‍යාලයේ සිසුන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ ආදි ශිෂ්‍යයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙයි.

එහිදී මෙවර පැවැත්වුණු චෙස් සහ බාස්කට්බෝල් තරගවල ශූරතාව ආනන්ද විද්‍යාලයද සිවගුරුනාදන් අනුස්මරණ ක්‍රිකට් ශූරතාව සහ විවාද තරගයේ ජයග්‍ර‍හණය යාපනය හින්දු විද්‍යාලයද දිනා ගත්තේය.

වැඩසටහනේ අර්ජුන රණතුංග කුසලානය සඳහා වූ  ආදි ශිෂ්‍ය ක්‍රිකට් තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන්නේ කොළඹ ආනන්ද විද්‍යාල කණ්ඩායමයි.

ඔවුන් නියමිත පන්දුවාර දහයේදී කඩුලු 5කට ලකුණු 115ක් රැස් කළේය. දෙවැනුවට පන්දුව පහර දුන් යාපනය හින්දු විද්‍යාලය පන්දුවාර 4 ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 39 ක් රැස් කරගෙන සිටියදී අයහපත් ආලෝක තත්ත්වය හේතුවන් තරගය නතර කිරීමට සංවිධායක මණ්ඩලය තීරණය කළේය.

ඒ දෙපිළටම සම ශූරතාව ලබා දෙමිනි. තරගයේ වීරයා සම්මානය සචිත්‍ර‍ සේනානායක විය. කුසලානය පිරිනැමුවේ තරගයට ප්‍ර‍ධාන ආරාධිත අමුත්තා වශයෙන් එක් වූ අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ අතිනි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.