අසේල - දික්වැල්ල වාර්තා ගත ජයක් ලබාදෙති
- 2017-07-18 15:22:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථකම ලකුණු සංඛ්‍යාව හඹාගොස් ලබාගත් ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (18දා) සමත්වූයේය. ඒ සිම්බාබ්වේ කණ්ඩායම හා කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති තරගයේදී ලකුණු 388ක් හඹාගොස් ලබාගත් ජයත් සමගිනි.
මීට පෙර ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු ප්‍රමාණයක් හඹාගොස් ලැබූ ජයග්‍රහණය වූයේ 2006 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹ පී. සරා පිටියේ පැවැති තරගයේදී ලකුණු 352ක් හඹාගොස් ලැබූ ජයග්‍රහණයි.
අද නිමාවූ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවන් නිරෝෂන් දික්වැල්ල හා අසේල ගුණරත්න වැඩි දායකත්වයක් ලබාදුන්නේ අර්ධ ශතක රැස්කරමිනි.
දික්වැල්ල ලකුණු 81කට දැවී ගිය අතර අසේල ගුණරත්න නොදැවී ලකුණු 80ක් රැස්කිරීමට සමත්විය. ඩිල්රුවන් පෙරේරා ලකුණු 29ක් නොදැවී රැස්කළේය.
ඔවුහු හය වැනි කඩුල්ලට ලකුණු 121ක සබඳතාවක් ගොඩනැංවූහ. නැවතත් ඩිල්රුවන් පෙරේරා හා අසේල ගුණරත්න හත්වැනි කඩුල්ලට නොබිඳුණු ලකුණු 67ක සබඳතාවක් ගොඩනැංවීය.
නිරෝෂා ප්‍රියදර්ශනි
Reply To:
Name - Reply Comment
0 Comments