ආසියානු කරාතේ තරගාවලියක ශූරතාව ලංකාවට
- 2019-01-23 14:14:30
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝක එක්සත් කරාටේ අධිකාරිය සංවිධානය කළ 2019 "කොන්ටිනෙන්ටල් " ආසියානු ශූරතා කරාතේ තරගාවලියේ දී , එයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහි ශූරතාවය දිනා ගැනීමට සමත් වී තිබේ.
මෙම ශූරතාවලිය 18දා සිට 20 දා දක්වා ආසියානු රටවල් 17 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2000 කගේ පමණ සහභාගීත්වයෙන් ඉන්දියාවේ කල්කටා නුවරදී පැවැත්විණ.තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 05 ක , රිදී පදක්කම් 04 ක් සහ ලෝකඩ පදක්කම් 05 ක් දිනා ගැනීමට සමත් වී තිබුණි.
මෙම තරගාවලියට සමගාමීව ආසියානු කරාතේ අධිකාරියේ ඉදිරි වසර 04 සඳහා නව නිලධාරී මණ්ඩලය තෝරා පත් කර ගැනීම සිදු කළ අතර එහිදී පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ රෝහණ විජේමාන්න මහතා පළමු ආසියානු උප සභාපති ධුරයට තේරී පත් වී තිබුණි .
තරගාවලියේ දී පදක්කම් සහ සහතික පත්‍ර දිනූ ක්‍රීඩක ක්‍රීඩකයන් පිරිස ඊයේ (21දා) රාත්‍රියේදී ශ්‍රි ලංකාවට පැමිණියේය.
Reply To:
Name - Reply Comment
0 Comments