ආසියානු කුසලාන රග්බි තරගාවලිය කල් යයි
- 2020-03-25 23:30:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ආසියානු කුසලාන පළමු කොටසේ රග්බි තරගාවලිය කල් දැමීමට ශ්‍රී ලංකා රග්බි සංගමය පියවර ගෙන තිබේ. ඒ මේ වනවිට කොවිඩ්-19 වෛරසය (කොරෝනා වෛරසය) හේතුවෙන් උද්ගතව ඇති තත්ත්වය සලකා බලමිනි.
ශ්‍රී ලංකා රග්බි සංගමයේ මූලිකත්වයෙන් මෙවර සංවිධානය වන මෙම තරගාවලිය අප්‍රේල් මස 29 වැනිදා ශ්‍රී ලංකාවේදී ආරම්භ වීමට නියමිතව තිබූණි. කෙසේ වෙතත් කොවිඩ්-19 වෛරසය හෙවත් කොරෝනා, වසංගතයක් ලෙස ව්‍යාප්ත වීම හේතුවෙන් ආසියානු කුසලාන පළමු කොටසේ රග්බි තරගාවලිය ලබන ඔක්තෝබර් මස දක්වා කල්දැමීමට ආසියානු රග්බි සංගමය පියවර ගෙන තිබේ.
මෙම තරගාවලිය කොළඹදී ලබන අප්‍රේල් මස 29 වැනිදා සිට මැයි මස 02 වැනිදා යන දෙදින පැවැත්වීමට සැළසුම් කර තිබු අතර, තරගාවලියට සත්කාරක ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, පිලිපීනය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යය යන රටවල් හතර සහභාගි වීමට නියමිතව තිබුණි.
Reply To:
Name - Reply Comment
0 Comments