ආසියානු යොවුන් කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය එළිදක්වයි
- 2018-09-19 16:02:52
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එළඹෙන 27 වැනිදා සිට ලබන මස 08 වැනිදා දක්වා බංග්ලාදේශයේදී පැවැත්වෙන ආසියානු යොවුන් කුසලාන (19න් පහළ) එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (18දා) එළිදැක්විණි.
මෙම සංචිතයේ නායකත්වය වෙන්නප්පුව ජෝශප් වාස් විදුහලේ නිපුන් ධනංජයට හිමිව ඇති අතර, මෙම සංචිතයට අතිරේක (Standbys) ක්‍රීඩකයන් පස් දෙනෙකුද අන්තර්ගතව ඇත.
තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම
නිපුන් ධනංජය (නායක), පසිඳු සූරියබණ්ඩාර, නිවෝද් පරණවිතාරණ, කමිල් මිශ්‍රා, නිශාන් මධුෂ්ක, නුවන්දික ප්‍රනාන්දු, දුනිත් වෙල්ලාලගේ, සසික දුල්ෂාන්, කල්හාර සේනාරත්න, රොෂාන් සංජය, සඳුන් මෙන්ඩිස්, කළණ පෙරේරා, නිපුන් මාලිංග, නවීන් ප්‍රනාන්දු, සෙල්වරාසා මධුෂාන්
අතිරේක ක්‍රීඩකයන්
ලක්ෂිත මදාරසිංහ, මුදිත ලක්ෂාන්, විජයකාන්ත වියස්කාන්ත්, චිලාන් කළිඳු, චාමික ගුණසේකර
Reply To:
Name - Reply Comment
0 Comments