Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ආසියානු කුසලානයේදී සෑම කණ්ඩායමක්ම අභියෝගාත්මක බවත්, පන්දු රැකීම දියුණු කරගෙන අනෙක් කණ්ඩායම්වලට පීඩනයක් එල්ල කිරීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා 19න් පහළ (යොවුන්) කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හෂාන් තිලකරත්න මහතා පැවසීය.

බංග්ලාදේශයේදී  පැවැත්වෙන ආසියානු කුසලාන 19න් පහළ ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (27දා) දිවයිනෙන් පිටත්වීමට පෙර පැවැත් වූ මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත් වූ මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා යොවුන්  කණ්ඩායමේ කළමණාකරු හේමන්ත දේවප්‍රිය හා කණ්ඩායම් නායක නිපුන් රංසික ඇතුළු පිරිසද, තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමද පැමිණ සිටියහ.

මෙහිදී අදහස් දැක් වූ ශ්‍රී ලංකා නායක නිපුන් රංසික,

"ඉන්දියානු සංචාරයෙන් පසු ආසියානු කුසලානයට අපි හොඳින් පුහුණුවීම් කළා. හැමෝගෙම හොඳ සූදානමක් තිබෙනවා. අපට ආසියානු කුසලානය ලංකාවට ගේන්න පුළුවන් කියන ආත්ම විශ්වාසය තියෙනවා" යැයි පැවසීය.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 08ක් සහභාගි වන ආසියානු කුසලාන 19න් පහළ ක්‍රිකට් තරගාවලිය එළඹෙන 29 වැනිදා සිට ඔක්තෝම්බර් 07 වැනිදා දක්වා බංග්ලාදේයේදී පැවැත්වේ.  

ශ්‍රී ලංකාව මෙහිදී බී කාණ්ඩයෙන් තරග වදින අතර, ඊට බංග්ලාදේශය, හොංකොං හා පකිස්තානය අයත් වේ. ඒ කාණ්ඩයෙන් තරග වදින්නේ ඇෆ්ගනිස්ථානය, ඉන්දියාව, නේපාලය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි.

තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම - නිපුන් ධනංජය (නායක), පසිඳු සූරියබණ්ඩාර, නවෝද් පරණවිතාරණ, කමිල් මිශ්‍රා, නිශාන් මතුෂ්ක, නුවනිඳු ප්‍රනාන්දු, දුනිත් වෙල්ලාලගේ, සසික දුල්ෂාන්, කල්හාර සේනාරත්න, රොෂාන් සංජය, සඳුන් මෙන්ඩිස්, කළණ පෙරේරා, නිපුන් මාලිංග, නවීන් ප්‍රනානදු, සෙල්වරාසා මතුෂාන්

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.