Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

19න් පහළ ආසියානු රග්බි තරගාවලියේ පළමු කාණ්ඩයේ (Division 1) ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

අවසන් මහා තරගයේදී පිලිපීනය ලකුණු 40-00ක් ලෙසින් පහසුවෙන් පරාජය කිරීමට ශ්‍රී ලංකාවට හැකිවූ අතර, මෙම තරගාවලිය චීනයේ චොන්කින්හි ක්‍රීඩා සංකීර්ණයේදී සිදුකෙරිණි. එහි අවසන් මහා තරගය පෙරේදා (14දා) පැවැත්විණි.

තරගයේ පළමු අර්ධයේදීම පාලනය සියතට ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත්වූයේ 16 වැනි මිනිත්තුවේදී ගෝල දිනුමක් මගින් ලකුණු රැස් කිරීම ආරම්භ කරමිනි. පළමු අර්ධය අවසන් වනවිට තවත් උත්සාහක දිනුම් 03ක් වාර්තා කරමින් ලකුණු තත්ත්වය 22 දක්වා ඉහළ නංවා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වූයේ, ප්‍රතිවාදීන්ට කිසිදු ලකුණක් වාර්තා කිරීමට ඉඩක් ලබානොදෙමිනි.

දෙවැනි අර්ධයේදීද ඔවුන් තවත් ගෝල දිනුමක්, උත්සාහක දිනුමක් හා දඬුවම් පහර ද්විත්වයක් සාර්ථක කරගත් අතර, ප්‍රතිවාදී පිලිපීන ක්‍රීඩකයන්ට එම අර්ධයේදීද කිසිදු ලකුණක් වාර්තා කිරීමට නොහැකි විය.

ශ්‍රී ලංකාව පසුගිය (2018 වසරේදී) ආසියානු රග්බි තරගාවලියේ ශූරතා (Championship) කාණ්ඩයෙන් ක්‍රීඩා කළද, එම කාණ්ඩයේ අවසන් ස්ථානය හිමි කරගැනීම හේතුවෙන් මේ වසරේදී ක්‍රීඩා කිරීමට සිදුවූයේ පළමු කාණ්ඩයෙනි.

කෙසේ වෙතත් මෙම ජයග්‍රහණයත් සමගින් ශ්‍රී ලංකාව එළඹෙන වර්ෂයේ ආසියානු යොවුන් (19න් පහළ) තරගාවලියේ ශූරතා කාණ්ඩයෙන් ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබාගත්හ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කොළඹ රාජකීය විදුහලේ නායක තුලෙබ් හසන් කටයුතු කළේය. මීට අමතරව ප්‍රධාන පුහුණුකරු ලෙස නිහාල් ගුණරත්න, සහය පුහුණුකරුවන් ලෙස රජීව් පෙරේරා සහ පසුපෙළ පුහුණුකරුවෙකු ලෙස රෝහිත රාජපක්‍ෂ යන මහත්වරු කටයුතු කළහ.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.