Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 77කින් පරාජය කර ආසියානු නැගීඑන කණ්ඩායම් එක්දින ක්‍රිකට් තරගාවලියේ මෙවර ශූරතාව දිනා ගැනීමට පාකිස්තානු කණ්ඩායම සමත් විය. තෙවැනි වරටත් පැවැති මෙම තරගාවලියේ පාකිස්තානය, ශූරයන් ලෙස කිරුළු පැළඳූ පළමු අවස්ථාව මෙයයි.

මෙවර තරගාවලිය බංග්ලාදේශයේදී පැවති අතර, එහි අවසන් මහා තරගය ඩකාහි ශෙර් බංග්ලා ක්‍රීඩාංගණයේදී පෙරේදා (23දා) පැවැත්විණි.

මෙහිදී කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම පන්දුව පන්දුවට පහරදීම සඳහා පාකිස්තානයට ආරාධනා කළේය. කෙසේ නමුත් එම ආරාධනයෙන් බංග්ලාදේශ පන්දු යවන්නන්ට ප්‍රයෝජන ගැනීමට අවස්ථාවක් නොදුන් පාකිස්තානු පිතිකරුවෝ, සිය පන්දුවාර 50 තුළදී ලකුණු 301ක් රැස් කිරීමට සමත් විය.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අංක තුන පිතිකරු, කණ්ඩායමේ කඩුලු රකින්නාද වන 18 හැවිරිදි රොහෙල් නසීර් ලකුණු 113ක් රැස් කිරීමට සමත් විය. පන්දු 111කදී ගොඩනැගුණු ඔහුගේ ඉනිමට හතරේ පහර 12ක් හා හයේ පහර 03ක් ඇතුළත් විය. නසීර් මේ දක්වා එකදු ජාත්‍යන්තර තරගයක් හෝ ක්‍රීඩා කර නොමැති වීමද සුවිශේෂී වෙයි. බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම කඩුලුලාභියා වූ සුමොන් ඛාන් කඩුලු 03ක් බිඳලූවත්, ඔහුට එරෙහිව පන්දුවාර 10 තුළදී ලකුණු 75ක් රැස් කිරීමට පාකිස්තාන පිතිකරුවෝ සමත් වූහ.

කෙසේ නමුත් මෙහිදී ලකුණු 302ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 43.3කදී සියලුදෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 224ක් පමණි. අෆිෆ් හුසේන් (49) හා නජ්මුල් හුසේන් (46) පිත්තෙන් දක්‍ෂතා දැක්වූවත්, එය ඔවුන්ගේ ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවුණි.

බංග්ලාදේශය නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග රැසක් ක්‍රීඩා කර ඇති සූම්‍ය සර්කාර්ද, මෙම තරගයට ක්‍රීඩා කළත්, ඔහුටද රැස්කළ හැකිවූයේ ලකුණු 15ක් පමණි. පාකිස්තානු ජයග්‍රහණය තහවුරු කළ මොහොමඩ් හස්නේන් කඩුලු 03ක් බිඳලූ අතර, ඒ සඳහා ඔහු ලබාදුන්නේ ලකුණු 32ක් පමණි.

තරගයේ වීරයා ලෙස රොහයිල් නසීර් සම්මාන දිනාගත් අතර, තරගාවලියේ වීරයා සම්මානය සූම්‍ය සර්කාර්ට හිමිවිය. තුන් ඉරියව්වෙන් දක්‍ෂතා දැක්වූ සර්කාර්, තරග 05කට ක්‍රීඩාකර ලකුණු 244ක් හා කඩුලු 05ක් බිඳලීමට සමත් විය.

මෙම තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් ඉන්දියාව ලකුණු 03කින් පරාජය කිරීමට පාකිස්තානය සමත් වූ අතර, එහි දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ඇෆ්ගනිස්තානට එරෙහිව කඩුලු 07ක ජයක් බංග්ලාදේශයට හිමිවිය.

ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කළ මෙම තරගාවලිය සඳහා ඉහත කණ්ඩායම් වලට අමතරව ඕමානය, ශ්‍රී ලංකාව, නේපාලය හා හොංකොං කණ්ඩායම්ද සහභාගි විය.

කෙසේ නමුත් චරිත් අසලංකගේ නායකත්වයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායමට මූලික වටයෙන්ම තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය. ශ්‍රී ලංකාවට කිසිදු තරගයක් ජය ගැනීමටද නොහැකි වූ අතර, ඔවුන්ට පාකිස්තානය, ඇෆ්ගනිස්තානය හමුවේ මෙන්ම ඕමානය හමුවේද පරාජය වීමට සිදුවිය. ශ්‍රී ලංකාව ඉකුත් දෙවසරේම (2017, 2018) මෙම තරගාවලියේ ශූරතාව දිනාගත් කණ්ඩායම වීම සුවිශේෂී වෙයි.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.