"ඇක්ටිව් ශ්‍රී ලංකා" මලල ක්‍රීඩා පුහුණු කඳවුරු 03 ක්
- 2017-01-01 02:13:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඕස්ට්‍රේලියානු රජයේ ආධාර ඇතිව සංවිධානය කරන ආසියානු ක්‍රීඩා සහභාගීත්ව ව්‍යාපෘතිය යටතේ විශේෂ පුහුණු පාඨමාලා ඇතුළත් මලල ක්‍රීඩා පුහුණු කඳවුරු 03 ක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ සංකල්පයක් අනුව 2017 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත විදේශීය පුහුණු කරුවන් විසින් ශ්‍රී ලාංකික පුහුණු කරුවන් පුහුණු කිරීමේ වැඩසටහනේ ආරම්භයක් ලෙස ක්‍රීඩා අමාත්‍යංශය හා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සහයෝගය ඇතිව අධ්‍යාපන අමාත්‍යාංශයේද පූර්ණ මැදිහත්වීමෙන් මෙම පුහුණු වැඩමුළුව පැවැත්වේ.
සම්පූර්ණ නොමිලේ පැවැත්වෙන මෙම විශේෂ මලල ක්‍රීඩා පුහුණු ව්‍යාපෘතියේදී පළමු අදියර ලෙස ක්‍රීඩා සමාජ පුහුණුකරුවන්ද, දෙවන අදියර ලෙස අන්තර් මධ්‍ය පුහුණුකරුවන්, විනෝද ක්‍රීඩා පුහුණු කරුවන් සහ කිඩ්ස් ඇත්ලටිස්ක් සහ යොවුන් මලල ක්‍රීඩා පුහුණුකරුවන් පුහුණු කරනු ලැබේ.
මෙම පුහුණු වැඩමුළු 03 ගම්පහ සිරිමාවෝ බණ්ඩාරනායක ක්‍රීඩාංගණය, පඩුවස්නුවර බණ්ඩාරනායක ජාතික පාසල හා යාපනය දොරෙයප්පා ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය.
(රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)
Reply To:
Name - Reply Comment
0 Comments