ඇන්ජලෝ පෙරේරාගෙන් වාර්තාවක්
- 2019-02-04 12:07:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා පළමු පෙළ සිවුදින තරගාවලි ඉතිහාසයේ එකම තරගයකදී ඉනිම දෙකේදී ද්විත්ව ශතක දෙකක් රැස්කළ පළමු ක්‍රීඩකයා ලෙස එන්.සී.සී. ක්‍රීඩා සාමාජයේ නායක ඇන්ජලෝ පෙරේරා වාර්තා අතරට එක්විය.
ඒ සිංහල ක්‍රීඩා සමාජයට එරෙහිව ඊයේ නිමාවූ තරගයේදී ඉනිම දෙකේදීම ඔහු ද්විත්ව ශතකර රැස්කිරීම හේතුවෙනි.
පළමු ඉනිමේදී 201 (පන්දු 203, 4x20, 6x1) රැස්කළ ඇන්ජලෝ දෙවැනි ඉනිමේදීද ලකුණු 231 (පන්දු 268, 4x20, 6x3) රැස්කිරීමට සමත්විය.
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ දත්ත අනුව ඇන්ජලෝට පෙරාතුව මෙවැනි දක්ෂතාවක් දක්වා තිබෙන්නේ එංගලන්තයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ආතර් ෆැග් එරට පළමු පෙළ තරගාවලියේදී ඉනිම දෙකේදී ද්විත්ව ශතක දෙකක් රැස්කර තිබුණි. එ 1938 වසරේදීය ඔහු 244ක් හා 202ක් ලෙස ලකුණු රැස්කර තිබුණි.
එන්.සී.සී. කණ්ඩායම හා එස්.එස්.සී. කණ්ඩායම අතර පැවැති තරගයේදී තවත් ක්‍රීඩකයන් තිදෙනෙක් ශතක රැස්කිරීමට සමත්වූහ.
NCC පළමු ඉනිම 444/10 (පන්දුවාර 103.3)
SSC පළමු ඉනිම 480/10 (පන්දුවාර 129)
NCC දෙවැනි ඉනිම 579/6 (පන්දුවාර 112)
Reply To:
Name - Reply Comment
0 Comments