Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඇලෙස්ටෙයාර් කුක්ගේ 5 වැනි ද්විත්ව ශතකය හමුවේ ඕස්ටේ්‍රලියානු කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන සිවුවැනි අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 491 ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවිය.

තෙවැනි දිනය (28 වැනිදා) සඳහා තරගය නතර කරන විට එංගලන්ත කණ්ඩායම තවත් කඩුල්ලක් අතැතිව ඕස්ටේ්‍රලියාවට වඩා ලකුණු 164 ක් ඉදිරියෙන් සිටි අතර ඒ වන විට පන්දුවට පහර දෙමින් සිටි ආරම්භක පිතිකරු ඇලෙස්ටෙයාර් කුක් හතරේ පහර 27 ක් සමග නොදැවී ලකුණු 244 ක් ලබා සිටියේය. කුක් සමග අනෙක් අන්තයේ රැදී සිටි උප නායක ජේම්ස් ඇන්ඩර්සන් දිනය නිමාවන විට ලකුණු ලබා නොසිටියේය.

තරමක් වේගයෙන් ලකුණු රැස්කළ කුක් පන්දු 164 කදී හතරේ පහර 15 ක් සමගින් ශතකය සම්පූර්ණ කළ අතර පන්දු 360 කදී හතරේ පහර 23 ක් සමගින් ද්විත්ව ශතකය සම්පූර්ණ කළේය. කුක්ගේ මෙම ඉනිම ඕස්ටේ්‍රලියානු නොවන ක්‍රීඩකයෙක් එරටදී රැස්කළ 5 වැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් විය.

මේ වන විට ටෙස්ට් ලකුණු 11,956 ක් ලබා සිටින කුක්ට ලකුණු 12,000 සීමාවට තවත් ලකුණු 44 ක් පසුපසින් සිටියි. මින් පෙර ටෙස්ට් ලකුණු 12,000 සීමාව පසුකර යෑමට සමත්ව ඇත්තේ සචින් ටෙන්ඩුල්කාර් (15,921), රිකී පොන්ටින් (13,378), ජැක් කලිස් (13,289), රාහුල් ද්‍රාවිඞ් (13,288) සහ කුමාර් සංගක්කාර (12,400) පමණි.

මුලු ලකුණු සංඛ්‍යාව 373 ක් වන විට එංගලන්ත කණ්ඩායමේ 8 වැනි කඩුල්ල බිඳවැටුණ අතර ඉන් අනතුරුව පිටියට පිවිසි ස්ටුවට් බ්‍රෝඞ් (56) සමග එක්ව නමවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 100 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට කුක් සමත් විය. පැට් කමින්ස්ගේ පන්දුවක් හමුවේ උස්මාන් කවාජා අතට උඩ පන්දුවක් දෙමින් බ්‍රෝඞ් දැවීයාමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්වූ අතර පන්දු 63 කදී වාර්තා වූ බ්‍රෝඞ්ගේ 12 වැනි අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් විය.

තෙවැනි කඩුල්ල වෙනුවෙන් කුක් සමග එක්ව ගොඩනගා තිබූ සම්බන්ධතාව ලකුණු 138 කට සීමා කරමින් දිනයේ පළමු කඩුල්ල නායක ජෝ රූට් (61) පිටියෙන් ඉවත් කිරීමට පැට් කමින්ස් සමත් විය. නේදන් ලයන් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට රූට්ගේ 35 වැනි ටෙස්ට් අර්ධ ශතකය හතරේ පහර 7 කින් සමන්විත වී තිබිණ.

දෙවැනි දිනය වූ ඊයේ (27 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 192 ක් ලබා සිටි එංගලන්ත කණ්ඩායම අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 299 ක් එක් කරගත් අතර එහිදී ඔවුන්ට කඩුලු 7 ක් අහිමි විය.

කුක්, රූට් සහ බ්‍රෝඞ් හැරුණුකොට එංගලන්ත කණ්ඩායමේ සෙසු පිතිකරුවන්ට දිගු ඉනිම් කරා යෑමට ඕස්ටේ්‍රලියානු පන්දු යවන්නෝ ඉඩ නොදුන් අතර එහිදී ජොෂ් හෙසල්වුඞ්, නේදන් ලයන් සහ පැට් කමින්ස් කඩුලු 3 බැගින් දවාගත්හ.

ඕස්ටේ්‍රලියාව පළමු ඉනිම - සියලු දෙනා දැවී 327
(කැමරන් බැන්ක්‍රොෆ්ට් 26, ඬේවිඞ් වෝනර් 103, උස්මන් කවාජා 17, ස්ටීවන් ස්මිත් 76, ෂෝන් මාෂ් 61, ටිම් පේන් 24, ස්ටුවර්ට් බ්‍රෝඞ් 51/4, ජේම්ස් ඇන්ඩසන් 61/3, ක්‍රිස් වෝක්ස් 72/2)

එංගලන්තය පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 491
(ඇලෙස්ටෙයාර් කුක් නොදැවී 244, මාර්ක් ස්ටොනෙමන් 15, ජෙම්ස් වින්ස් 17, ජෝ රූට් 61, ජොනී බෙයාස්ට්‍රෝ 22, මුයින් අලී 20, ක්‍රිස් වෝක්ස් 26, ස්ටුවර්ට් බ්‍රෝඞ් 56, ජොෂ් හෙසල්වුඞ් 95/3, නේදන් ලයන් 109/3, පැට් කමින්ස් 117/3)

(ලංකාදීප ඇසුරිනි)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.