ඉතිහාසයට එක්වූ ක්‍රීඩා යුවළ
- 2017-10-16 18:40:31
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ප්‍රධාන පෙළේ තරගාවලියක එකම දිනයකදී විවෘත කාන්තා ශූරතාවත්, විවෘත පිරිමි ශූරතාවත් හිමිකරගත් ලෝකයේ පළමු විවාහක යුවළ බවට පත්වීමට ඊජිප්තු යුවළක් සමත්ව තිබේ.
ඒ ඇමෙරිකානු විවෘත ස්කොෂ් ශූරතාවලියේ පිරිමි ශූරතාව අලි ෆරාග් (25) සහ එහි කාන්තා ශූරතාව එල් ටායිබේ (24) එකම දිනයකදී ජයග්‍රහණය කරමිනි.
මුලින්ම එල් ටායිබේ සෙනසුරාදා පැවැති කාන්තා අවසන් තරගයේදී රානීම් එල්. වෙලීලේ 3-2ක් ලෙස පරාජයට පත්කළ අතර, ඉන් පැය කිහිපයකට පෙර ෆරාග් පිරිමි අවසන් තරගය ජය ගත්තේ මොහොමඩ් ශෝර්බැගී 3-0ක් ලෙස පරාජයට පත්කරමිනි.
එසේම ලෝකයේ ප්‍රධාන පෙළේ තරගාවලියක ශුරතා ඊජිප්තුව වෙනුවෙන් ජයග්‍රහණය කළ පළමු යුවළ ලෙසද මොවුහු ඉතිහාසයට එක්වූහ.
“මම තරගය ජයග්‍රහණය කළාම මම ඔහුගේ තරගය බැලුවා. එහිදී මෙම ගොඩක් කලබල වුණා” යැයි ටායිබේ තරගයෙන් අනතුරුව පැවැසුවාය.
“මේ පළමු දේයි. මම හිතනවා අපි දෙදෙනාට තව ගොඩක් දේවල් එකතු වී ලබාගත හැකියි කියා” යැයි ෆරාග් සිය තරගයෙන් අනතුරුව සඳහන් කළේය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments