Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජාතික පිහිනුම් ශූරයෙකු වන ශාන්ත පීතර විදුහලේ අකලංක පීරිස් ශිෂ්‍යයාට මෙවර ජාත්‍යන්තර කනිෂ්ඨ ඔලිම්පික්  තරගාවලිය පැවැත්වෙන ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර සිට උසස් පෙළ විෂයන් තුනකට පෙනී සිටීමට අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව අවස්ථාව සලසා දී තිබේ.

අකලංක පීරිස් ශිෂ්‍යයා සාමාන්‍ය පෙළ විභාගයේදී A සාමාර්ථ 9ක් සමගින් එය සමත් වී වාණිජ විෂය ධාරාවෙන් මෙවර අ.පො.ස. උසස් පෙළ සඳහා පෙනී සිටී.

මේ මස 18 වැනිදා ඉන්දුනීසියාවේ ජාකර්තා නුවරදී ආරම්භව ආසියානු තරගාවලියේ පිහිනුම් ඉසව් නියෝජනය කිරීම සඳහා ඔහු හෙට (15දා) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත අතර, එහිදී සාමාන්‍ය ඉංග්‍රීසි, සාමාන්‍ය පොදු පරීක්ෂණය හා ගිණුම්කරණය පළමු ප්‍රශ්න පත්‍රයට ඉදිරිපත්වීමට අවස්ථාව ඔහුට ලැබී තිබේ.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා විසින් මේ සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස්කර තිබේ. ජාතික ඔලිම්පික් කමිටුවේ ඉල්ලීමකට අනුව අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මෙම අවස්ථාව ලබාදී ඇති අතර, ඒ සඳහා විභාග දෙපාර්තමේන්තු නිලධාරීන් දෙදෙනෙකුද එක්වීමට නියමිතය. ඉන්දුනීසියාවේ මෙරට මහකොමසාරිස් කාර්යාලයද මේ සඳහා දායකත්වය ලබාදෙයි.

මේ සම්බන්ධව අදහස් දැක් වූ විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ විභාගයේ රහසිගත භාවය හා විනිවිදභාවය ආරක්ෂා වන පරිදි මෙරට වේලාවෙන්ම විභාගය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි.

ජාතික පිහිනුම් ශූර අකලංක පීරිස් අද (14දා) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා හමු වී තමාට මෙම අවස්ථාව ලබාදීම සම්බන්ධව කෘතවේදීත්වය පළ කළේය.

මීටර් 50 පසුපස ආර, මීටර් 100 පසුපස ආර සහ මීටර් 50 සමනල ආර තරග සඳහා ශ්‍රී ලංකා වාර්තාවටද හිමිකම් කියන්නේ අකලංක පීරිස් ශිෂ්‍යයාය. මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ දක්ෂ ක්‍රීඩකයන් මෙන්ම අධ්‍යාපනයේ දක්ෂයන්ද ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මෙම තීරණයට එළඹි බවයි.

නිරෝෂා ප්‍රියදර්ශනී

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.