ඉන්දියාවට ඉනිමක හා ලකුණු 239ක ජයක්
- 2017-11-27 15:05:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර නාග්පූර්හි පැවැති පළමු ටෙස්ට් තරගය ඉනිමකින් හා ලකුණු 239කින් ජයග්‍රහණය කිරීමට ඉන්දිය කණ්ඩායම සඳුදා (නොවැම්බර් 27දා) සමත්විය. ඒ අනුව ඔවුන් තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගත්තේය. මෙම තරගයේදී ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක ආර් අශ්වින් ලෝකයේ ටෙස්ට් කඩුලු 300 වේගයෙන්ම දවගාත් ක්‍රීඩකයා බවට වාර්තා අතරටත් එක්විය.
අශ්වින් මෙම කඩයිම තරග 54කින් පසුකළ අතර ඊට පෙර වාර්තාවට හිමිකම් කී ඩෙනිස් ලීලි තරග 56කින් මෙම කඩයිම පසුකර තිබුණි. දෙවැනි ඉනිමේදී අශ්වින් කඩුලු 4ක් දවාගත් අතර ඒ අනුව ඔහු මේ වසරේ ලබාගත් ටෙස්ට් කඩුලු 50ද පසුකර ගියේය. උමේෂ් යාදව්, රවීන්ද්‍ර ජඩේජා හා ඉෂාන්ත් ශර්මා කඩුලු දෙක බැගින් දවාගත්හ.
ඔවුන්ගේ පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.3කදී ලකුණු 166කට දැවී ගියේය. මෙය ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ඉතිහාසයේ ලබාගත් දැවැන්තම තරග පරාජය වෙන අතර ඉන්දීය කණ්ඩායම ලබාගත් සම දැවැන්තම ජයග්‍රහණය වෙයි.
විකට්ටුවේ තරමක දඟ කැවීමක් තිබුණි. ශ්‍රී ලංකාවේ පිතිකරුවන් තෝරා ගත් වැරදි පහරවල් හේතුවෙන් ඔවුන් පසුපසට ගියේය. නායක දිනේෂ් චන්දිමාල් පමණක් කණ්ඩායම ඉදිරියට ගෙන ගියේ ලකුණු 61ක් රැස්කරමිනි.
ශ්‍රී ලංකාව සිවුවැනි දිනය ආරම්භ කළේ 21/1ක් ලෙසය. ඒ ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ලකුණු 405ක් කරා යන ගමනේදීය. දිමුත් හා ළහිරු මුලින්ම අශ්වින් හා ශර්මා හමුවේ යම්කිසි සාර්ථකත්වයක් පෙන්වීය. නමුත් රවීන්ද්‍ර ජඩේජා පන්දු යැවීමට පැමිණ දෙවැනි පන්දුවේදී දිමුත් කරුණාරත්න මුරලි විජේ වෙත උඩපන්දුවක් ලබාදී පිටියෙන් ඉවත්ව ගියේය.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා කඩුලු බිඳ වැටීමට අරම්භවිය. උමේෂ් යාදව් යොමුකළ වයිඩ් පන්දුවකට නිකරුණේ පිත්ත දමාගැනීමෙන් සිය ඉනිම ළහිරු තිරිමාන්න අවසන් කර ගත්තේය. තිරිමාන්නගේ උඩ පන්දුව පොයින්ට් හි පන්දු රකිමින් සිටි ජඩේජා ලබා ගත්තේ අඟලක් හෝ සිය ඉරියව්ව වෙනස් කිරීමකින් තොරවය.
ඉන් අනතුරුව මැතිව්ස් ජඩේජාගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. ජඩේජාගේ ඊට පෙර පන්දුවාරයේදී සෘජු හයේ පහරක් එල්ල කිරිමට මැතිව්ස් සමත්වුවත් මැතිව්ස්ගේ ඉනිම ජඩේජාම අවසන් කළේය.
ශ්‍රි ලංකාවට තවදුරටත් ඉනිම ගැටලුවකට පත්වීමට අවස්ථාව තිබුණේ ලෝකේෂ් රාහුල් චන්දිමාල්ගේ විකට්ටුව ඉලක්ක කර ගනිමින් යොමුකළ පන්දුවෙන් ඔහුගේ කඩුල්ල දැවී ගියානම්ය.
නමුත් ඉන්දියාවට ඊළඟ කඩුල්ල වෙනුවෙන් තවත් බොහෝ කාලයක් බලාසිටීමට සිදු නොවුණි. දිනයේ දෙවැනි පන්දුයැවීම සිදුකළ ඉෂාන්ත් ශර්මා නිරෝෂන් දික්වැල්ල දවාගත්තේය. ඒ අනුව ශ්‍රි ලංකා ඉනිම 75/5ක් ලෙස දිස්විය.
තරගය ඉක්මනින්ම අවසන් වන බව පෙනෙන්නට තිබියදී දසුන් ශානක කෙටි වේලාවක් ප්‍රේක්ෂකයන්ට සතුටක් දුන්නේය. ඔහු අශ්වින්ට එරෙහිව හයේ පහර දෙකක්, හතරේ පහරක් එල්ල කළේය. කෙසේ වෙතත් අශ්වින් යොමුකළ ඊළඟ පන්දුවාරයේදී ශානකව දවාගත්තේය.
එම කඩුල්ල සමග අශ්වින් 300 වැනි ටෙස්ට් කඩුල්ල කරා ක්‍රමයෙන් ගමන් කරන්නට විය. ඊට පසුව ඔහු පන්දු තුනක් තුළ ඩිල්රුවන් හා රංගන දවාගත්තේය.
උමේෂ් යාදව් පාඉන්නට යොමුකළ පන්දුවට වේගවත් පහරක් එල්ල කළ දිනේෂ් චන්දිමාල් උමේෂ්ගේ 99 වැනි කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත්විය. ළහිරු ගමගේ කැරම් පන්දුවකින් දවාගත් අශ්වින් සිය කඩයිමත් තරගයත් අවසන් කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments