Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී  ලංකාවට එරෙහිව කටක්හි බරබාටී ක්‍රීඩාංගණයේදී අද (20 වැනිදා) පැවැති පළමු විස්සයි20 තරගයෙන් ලකුණු 93 ක ජයක් වාර්තා කළ ඉන්දීය කණ්ඩායම තරග 3 කින් සමන්විත වූ විස්සයි20 තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය. ඉන්දීය කණ්ඩායම වැඩිම ලකුණු පරතරයකින් ලැබූ ජයග්‍රහණය ලෙසද මෙය වාර්තා අතරට එක් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 181 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 16 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 87 ක් පමණි. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ උපුල් තරංග පන්දු 16 කදී ලකුණු 23 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගිනි.

තරංග හැරුණු කොට ලකුණු 20 සීමාව ඉක්මවා යෑමට කිසිදු ශ්‍රී ලංකා පිතිකරුවෙක් සමත් නොවූ අතර ඒ අතරින් පිතිකරුවන් 6 දෙනෙක්ම ලකුණු 10 සීමාව පසුකර යෑමටත් පෙරාතුවම පිටියෙන් ඉවත් කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ යුස්වින්දර් චාහල් ලකුණු 23 කට කඩුලු 4 ක් දවාගත්තේ තරංගගේ කඩුල්ලත් සමගිනි. පා ඉන්නට පිටතින් ඇදී යන වයිඞ් පන්දුවකට ගැසූ ස්වීප් පහරක් වැරදී යෑමෙන් තරංගගේ ඉනිම නිමා වූ අතර පිත්තේ දාරයේ වැදුණ පන්දුව කඩුලු රකින ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනිගේ අත් ආවරණ අතර සිරවීමත් සමග තරංගට පිටියෙන් ඉවත්ව යෑමට සිදුවිය.

තමාගේම පන්දුවක් හමුවේ ඇන්ජලෝ මැතිව්ස් ගැසූ පහරක් උඩ පන්දුවක් බවට පත්කර ගැනීමට චාහල් සමත් වීමත් සමග මැතිව්ස්ගේ ඉනිම ලකුණකට සීමා විය. අසේල ගුණරත්නට (4) සහ නායක තිසර පෙරේරාට (3) පිටියෙන් පිටියෙන් ඉවත්වීමට සිදුවූයේ චහල්ගේ පන්දු හමුවේ දෝනිගේ ස්ටම්ප් කිරීම් වලට හසුවීම හේතුවෙනි.
 
ආබාධ තත්ත්වකට ලක්ව සිට ඉන් සුවය ලබා කලකට පසු නැවත කණ්ඩායමට පැමිණි කුසල් ජනිත් පෙරේරාට පන්දු 28 කදී ලබාගත හැකිවූයේ ලකුණු 19 ක් පමණි. කුල්දීප් යාදව්ගේ පන්දුවක් හමුවේ මහේන්ද්‍ර සිං දෝනි අතට උඩ පන්දුවක් දෙමින් කුසල් දැවීගිය අතර සහ දසුන් ශානක (1) දැවී ගියේ යාදව්ගේ පන්දුවක් හමුවේ හර්දීක් පාණ්ඩ්‍යා අතට උඩ පන්දුවක් දෙමිනි. ලකුණු 11 ක් තුළ ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 3 දවාගත් හර්දීක් පාණ්ඩ්‍යා ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 180 ක් ලබාගත්තේය. එහිදී ඉන්දීය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ලෝකේෂ් රාහුල්, පන්දු 34 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් සිය දෙවැනි විස්සයි20 අර්ධ ශතකය ලබාගත්තේය. ශ්‍රෙයාස් අයියර් (24) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 46 කදී ලකුණු 63 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය ඉනිමේ ලකුණු ලබාගැනීමේ වේගයද ඉහළ දැමීමටද රාහුල් සමත් විය.

නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල අතට උඩ පන්දුවක් දෙමින් ශ්‍රෙයාස් අයියර් දැවීයෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය. අයියර්ගේ දැවීයෑමෙන් අනතුරුව ඉන්දීය ලකුණු පුවරුවට තවත් ලකුණු 11 ක් එක් වෙද්දී ලෝකේෂ් රාහුල් පිටියෙන් ඉවත් කිරීමට තිසර පෙරේරා සමත් විය.

ලකුණු 23 ක් ලබා සිටියදී ඇන්ජලෝ මැතිව්ස්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් රාහුල් දැවීගිය බවට ප්‍රධාන විනිසුර තීරණය කළේය. එහෙත් එම තීරණයෙන් නොසතුටට පත්වූ රාහල්, එය විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදයට යොමු කළ අතර පන්දුව කඩුල්ලෙන් ඉවතට ඇදී යන බව නිරීක්ෂණය කළ තෙවැනි විනිසුරු ඔහු දැවීගිය ක්‍රීඩකයෙක් නොවන බවට සංඥ්ඥා කළේය.

අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිතර වූ මහේන්ද්‍ර සිං දෝනි (නොදැවී 39) සහ මනීෂ් පාණ්ඬේ (නොදැවී 32) සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 33 කදී ලකුණු 68 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. පන්දු 22 කට මුහුණදුන් දෝනි හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 18 කදී වාර්තා වූ පාණ්ඬේගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 2 කින් සමන්විත විය.

මුලු ලකුණු සංඛ්‍යාව 38 ක් වන විට ලකුණු 17 ක් ලබා සිටි ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා පිටියෙන් ඉවත් කිරීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් විය. මිඞ් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි දුෂ්මන්ත චමීර අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට ශර්මාගේ ඉනිමට හතරේ පහර 2 ක් ඇතුළත්වී තිබිණ.

මෙම තරගයේදී ශ්‍රී ලංකා පන්දුයවන්නන් සියලුදෙනාම පාහේ ඉන්දීය පිතිකරුවන්ගෙන් දැඩි ලෙස පහර කෑමට ලක්වූ අතර අසේල ගුණරත්න සහ දසුන් ශානක පන්දු යැවීම සඳහා කැඳවනු ලැබුවේ නැත.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කර සිටියේය.

(ලංකාදීප ඇසුරිනි)[caption id="attachment_17631" align="alignleft" width="630"]India's Lokesh Rahul plays a shot during the first T20 cricet match between India and Sri Lanka at the Barabati Stadium in Cuttack on December 20, 2017. / AFP PHOTO / Dibyangshu SARKAR / ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE----- / GETTYOUT[/caption]

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.