Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ප්‍රභල ඉන්දීය කණ්ඩායම ලකුණු 18කින් පරාජයට පත්කරමින් 2019 ලෝකු කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.

මැන්චෙස්ටර් හි පැවැති තරගයේදී නවසීලන්ත කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 239ක ඉලක්කයට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 221ක් පමණි.

ඊයේ මෙම තරගය ආරමභ වුවත් වර්ෂාව හේතුවෙන් එදින තරගය අත්හැර දැමුණු අතර අද දිනයේදී ඊයේ නැවැත්වූ තැනින් තරගය ආරම්භ කළේය.

කාසියේ වාසිය දිනා ගත් නවසීලන්තය මුලින්ම පන්දුවට පහරදෙමින් මන්දගාමී ලෙස තම ඉනිම ලකුණු 238ක් කරා රැගෙන ගියේය. රොස් ටේලර් 74 හා කෙන් විලියම්සන් 67 ලෙස අර්ධ ශතක රැස්කළහ. භුවනේෂ්වර් කුමාර් කඩලු තුනක් බිඳ හෙළිය.

ලකුණු 240ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 221ක් පමණි. ඉන්දීය කණ්ඩායමේ මුල් කඩුලු 3 ලකුණු 5ක් තුළ බිඳ වැටුණි. අනතුරුව සිවුවැනි කඩුල්ල ලකුණු 24දී බිඳ වැටුණි. කෙසේ වෙතත් පසුව රිෂාබ් පාන්ට් හා පාණ්ඩ්‍යා ඉන්දීය ඉනිම ලකුණු 71ක් කරා රැගෙන ආවේය. අනතුරුව පාන්ට් දැවී ගිය අතර පාණ්ඩ්‍යා ලකුණු 92දී දැවී ගියේය.

ඉන් අනතුරුව දෝනි (50) හා රවීන්ද්‍ර ජඩේජා (77) හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 116ක සබඳතාවක් ගොඩනංවා සිටියදි ජඩේජා ලකුණු 208දී දැවී ගිය අතර ඉන් අනතුරුව ලකුණු 216දී දෝනි දැවී ගියේය. ඉනිමට තවත් ලකුණු 5ක් එක්වන විට ඉන්දීය කණ්ඩායමේ ඉතිරි කඩුලුද දැවී ගියේය.

තරගයේ වීරයා ලෙස පන්දුවෙන් දක්ෂතා දැක්වූ මැට් හෙන්රි සම්මාන ලැබීය.

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.